මේ වනවිට ගිං ගඟේ ජල මට්ටම බද්දේගමින් මීටර් 5.3ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් එය මහා ගංවතුර ලෙස හඳුන්වන තත්වයට ළඟාවී ඇති අතර හදිසි තත්වයක් මතුව ඇතැයි දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ නිවේදනය කරයි.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වෙන ලෙස ඔහු ඉල්ලා ඇත.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යන බව ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද පවසා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval