ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවබෝධතා ගිවිසුම ඉදිරි මාසයේදී අත්සන් කිරීමට හැකි වෙතැයි විශ්වාස කරන බව පැවසූ මන්ත්‍රීවරයා සංවර්ධන වැඩපිළිවෙළ නැවතත් ආරම්භ කරමින් රට ඉදිරියට ගෙන යාමට ඒ අනුව හැකිවනු ඇතැයිද සඳහන් කළේය.
රට ගිය වසරේ තිබූ තත්ත්වයට වඩා දැන් පවතින්නේ වෙනස් තැනක බවත් අද විදුලිය කැපිල්ලක් නැති බවත්, අලුත්ගමගේ මහතා කීවේය.
අද රටේ ගෑස්, තෙල් තිබෙන බව පැවසූ මන්ත්‍රීවරයා රුපියල් 600ට තිබු පරිප්පු රුපියල් 250ට තිබූ හාල් අද අඩු වී තිබෙන බවත් ඔහු කීවේය.මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වනවිට මීටත් වඩා බඩු මිල අඩුවනු ඇතැයිද මිනිස්සුන්ට ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය වනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. අලුත්ගමගේ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන ශාඛා සමිති ප්රතිසංවිධාන කටයුතුවලට සහභාගී වෙමිනි.
එළැඹෙන වසර තුලු මැතිවරණ ඉලක්ක කරගත් වැඩසටහන් රජය ක්‍රියාත්මක කරනු ඇති බවත් ඒ අනුව රජයේ සේවක වැටුප් වැඩිවීම් සිදුවිය හැකි බවත් මින් ඉහත වාර්තාවී තිබුණි.
0 Comments