පහ වසර ශිෂ්‍යත්ව විභාගයට බොරලැස්ගමුව මහ විදුහල් ශාලාවේ පෙනී සිටි සිසුවකු හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවේදී එහි රාජකාරියේ යෙදී සිටි බොරලැස්ගමුව පොලීසියේ පරිසර ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එගොඩවත්ත මහතා කඩිනමින් තම පෞද්ගලික වාහනයෙන් එම සිසුවා වේරහැර කේ.ඩී.යූ.රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී යළි විභාගයට පෙනීසිටීමට අවස්ථාව සලසාදුන් උතුම් සත්කාරයක් බොරලැස්ගමුව පොලීසියෙන් අසන්නට ලැබිණි. ම
ෙම සිසුවා ශිෂ්‍යත්වය දින පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දී ලද විවේක කාලයේ වැසිකිළි යාමට දුවයමින් සිටියදී තවත් සිසුවියක ඇග ගැටී කානු ගැට්ටක හිස වැදීමෙන් හිසට බරපතළ තුවාල සිදු වී තිබිණි. මෙම සිසුවාගේ පියා පවුල හැර ගොස් ඇති අතර, මව විදේශගත වී සිටින බැවින් දැනට කතා කිරීමට අපහසු ආච්චි අම්මා සහ ලොකු අම්මා ළග මෙම සිසුවා ජීවත් වන බවත් අනාවරණය විය. මෙම සිසුවා පිළියන්දල පදිංචිව සිටිමින් බෝකුන්දර මහින්ද විද්‍යාලයට අධ්‍යාපන කටයුතු සඳහා යනු ලබයි.
මෙම සිසුවාගේ පන්ති භාර ආචාර්යවරිය වන ගයත්‍රි කොශල්යා මහත්මිය මෙම පොලිස් නිලධාරී මහතා සිදුකළ උතුම් සේවය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත සිය ස්තුතිය පළ කිරීමටද කටයුතු කරනු ලැබිණි. මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රජාපොලිස් ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගොඩවත්ත මසතා විසින් සිදු කරගෙන යනු ලබති.
දෙහිවල එච් එම් ධර්මපාල
0 Comments