2023 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඉරිදා (15) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින ප්‍රදේශවල සිටින සිසුන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ආපදා තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් සෘජුවම ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය 117 අංකය අමතා දැනුවත් කරන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මේ අතර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස ද දන්වා සිටියේය.
ශිෂ්‍යත්ව විභාගයේදී දියර මකන (ටිපෙක්ස්) හා කතුරු භාවිත කිරීමට ඉඩ ලබානොදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු මේ මස 11වන දින සිට විභාගය අවසන් වන තෙක් තහනම් බවද විභාග කොමසාරිස් පැවසුවේය.
උත්තර ලිවීම සඳහා නිල් පාට හෝ කළු පාට පෑන් භාවිත කළ හැකි බවත්, මීට අමතරව පැන්සල් භාවිත කිරීමටත් අවස්ථාව තිබෙන බවද සඳහන් කළේය.
පැන්සල් භාවිත කරන දරුවන්ට උල් කරන ලද පැන්සල් කිහිපයක් ලබාදෙන ලෙසට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවත්,
යම් ලෙසකින් එක් පැන්සලක උල කැඩී ගියහොත් අතිරේකව අනෙක් පැන්සලක් භාවිත කළ හැකි බවද පවසා සිටියේය.
දරුවන්ට පානය කිරීමට අවශ්‍ය නම් වතුර බෝතලයක් රැගෙන ආ හැකි බවද සඳහන් කළේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය මේ මස 15වැනි ඉරිදා මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රය 15වැනිදා උදෑසන 9.30 සිට 10.45 දක්වා පැවැත්වෙන බවත්, පළමු ප්‍රශ්න පත්‍රය දහවල් 11.15 සිට 12.15 දක්වා කාලය තුළ පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිටත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 490 වෙත අදාළ ප්‍රශ්න පත්‍ර සියල්ලම නිකුත් කර ඇති බවයි වාර්තා විය.
0 Comments