hong-kong-court-

හොංකොං අධිකරණයක් මගින් සමලිංගික විවාහක ජෝඩු සඳහා පොදු නිවාස කුලියට ගැනීමට සහ මිලදී ගැනීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන්නට රජයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කර ඇත. අධිකරණය පැවසුවේ , එය “ස්වභාවයෙන් වෙනස් කොට සැලකීමක්” සහ එවැනි ජනයාගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උල්ලංගණය කිරීමක් වන බවයි.  

අඟහරුවාදා හොංකොං අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව, මේ වසරේ ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිස සඳහා වූ නීතිමය ජයග්‍රහණ මාලාවක නවතම තීන්දුවයි.



විදේශයන්හි විවාහ වූ සමලිංගික ජෝඩු පොදු නිවාසවලින් බැහැර කිරීම,  “ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී” බවට ලබා දුන් මහාධිකරණ තීන්දු දෙකක් , රජය විසින් අභියෝගයට ලක් කර තිබුණි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන Jeremy Poon, Aarif Barma සහ Thomas Au විසින්, ලිඛිත තීන්දුවක් මගින් කියා සිටියේ සමලිංගික විවාහක ජෝඩුවලට අධිකාරිය සලකන ආකාරය “ස්වභාවයෙන් වෙනස් කොට සැලකීමක්” බවත් ඔවුන්ට සමාන සැලකිල්ලක් දැක්විය යුතු බවත්ය.

හොංකොං හි ශ්‍රේෂ්ඨාධිකරනය සැප්තැම්බර් මාසයේදී සමලිංගික විවාහවලට එරෙහිව තීන්දුවක් දුන් නමුත් සමලිංගික ජෝඩුවල “මූලික සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා විකල්ප නීති රාමුවකට ප්‍රවේශ වීමේ” අවශ්‍යතාවය පිළිගත්තේය.



රාමුව නිර්මාණය කිරීම සදහා ආණ්ඩුවට අවුරුදු දෙකක් අවශ්‍ය බව පැවසීය.

ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල ක්‍රියාකාරීන් හොංකොං උසාවි දෙස බලා සිටින්නේ ඔවුන්ගේ තීන්දු වෙනත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරවලට බලපෑම් කළ හැකි බවට බලාපොරොත්තුවෙනි.