india-australia-world-cup

ලෝක කුසලාන ක්‍රිකට් 2023 තරගාවලිය යටතේ අද (8) ඉන්දියාවේ චෙන්නායිහි පැවති ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළේය.
මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු පිල ඕවර 49.3 කදී රැස් කලේ ලකුණු 199 ක් පමණි. රවින්ද්‍ර ජඩේජා කඩුළු 3 ක් හා යාදෙව් 2 ක් බුම්රා 2 ක් ලබාගනිමින් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීම මීට හේතුවිය.
ඉලක්කය පහසු එකක් වුවත් ඉන්දීය පිලේ මුල් කඩුළු 3 ම ලකුණු පුවරුවේ ලකුණු 2 කදී දැවී යාමත් ඒ වනවිට ඕවර 2 ක් පමණක් ගතවී තිබීමත් නිසා ඉන්දියාව මුලදී අපහසු තත්වයක පසුවිය. නමුත් විරාත් කෝලි (85) හා කේ.එල්. රාහුල් (97)එක්ව ඉනිම ගොඩනැගූ අතර ඒ අනුව පීඩනයෙන් මිදී ජයග්‍රහණය කරා යාමට හැකිවිය.