india-pakistan-world-cup

අහමදාබාද්හි පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේදී සත්කාරක ඉන්දියාව පරම-සතුරන් වන පකිස්ථානය සමඟ  ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ප්‍රසිද්ධ එදිරිවාදිකම් සටන අද පැවැත්වේ.


සෙනසුරාදා පැවැත්වෙන තරඟය ලෝක කුසලාන තරඟාවලියේ "බ්ලොක්බස්ටර් ඉසව්ව" ලෙස විස්තර කර ඇත.
 ‘මේ නිසා මිලියන ගණනක් තරඟය නරඹනු  ඇති අතර 132,000 ක ක්‍රීඩාංගනය පිරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පාකිස්තානයට එරෙහිව ලෝක කුසලාන තරඟ හතම ජයග්‍රහණය කිරීමේ අසාමාන්‍ය වාර්තාව නිසා ඉන්දියාව ස්ථිර ලෙස තරගයට අවතීරණ වනු ඇත.
නමුත් ඒ සම්බන්ධව අනාවැකි කිව නොහැකිය. මන්ද ඔවුන් ලොව හොඳම එක්දින කණ්ඩායම ලෙස සැප්තැම්බර් මාසයේදී ආසියානු කුසලානයට පිවිසි නමුත් අවසන් පූර්ව වටයේදී බිඳ වැටුන නිසාය.
 ඔවුන්ගේ පිතිකරණ දස්කම් චමත්කාරජනක නමුත් බොහෝ විට නායක බාබර් අසාම් වටා කැරකෙයි.  ඔහුගේ විශේෂත්වය වන්නේ ආයාසයකින් තොරව පැති මාරු කිරීමේ හැකියාවයි.



ඔහු නිශ්ශබ්දව සිය ඉනිම ක්‍රියාත්මක කරන්නේ හරියට පෙනෙන මානයේ සැඟවී සිටින්නාක් මෙනි. සිදුවන්නේ කුමක්ද යන්න ඔහුගේ ප්‍රතිවාදීන්ට වැටහීමට පෙර, ඔහුගේ ලකුණු සංඛ්‍යාව 50 හෝ 60 දක්වා ළඟා වී ඇති අතර පසුව ඔහු රිසි සේ හතරේ සහ හයේ පහර දීමට පටන් ගනී.  2019 අවසන් ලෝක කුසලානයේ සිට 70 වැනි එක්දින ජාත්‍යන්තර තරගවලදී ඔහුගේ හැකියාව, ඉන්දියාව ද සැලකිල්ලට ගත යුතුය.

ඔහු තරගයට සහභාගී වීම ඉන්දියාවට අභියෝගයකි. නමුත් ඔවුන්ට ඇති එකම බාධකය ඔහු නොවේ.

කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් ද දස්කම් දැක්වීමට සමත්ව සිටියි .ඔහු නොදැවී ලකුණු 131ක් රැස්කරමින් අඟහරුවාදා ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 344ක ඉලක්කය හඹා යාමට තම කණ්ඩායමට උපකාර කළේය.

අබ්දුල්ලා ෂෆීක් එම තරගයේදී ශතකයක් රැස්කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම ස්ථානය තහවුරු කර ගත්තේය.

Fakhar Zaman සහ Imam-ul-Hakටද ඉන්දියාවට අභියෝග කිරීමේ හැකියාව ඇත. නමුත් ඉදිරියේදී දැකගත යුතු දෙය නම් බබාර් සහ රිස්වාන් දෙදෙනාම අඩු ලකුණු ප්‍රමාණයක් වාර්ථා කලහොත්, ඔවුන්ට ඉනිම නැවත ගොඩනැගිය හැකිද යන්නයි.



ඉන්දියාවට පහසුවෙන් ඉහළට යාමට හැකි වුවහොත්, පාකිස්තාන මැදපෙළේ දුර්වලකම ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ ඉලක්කය වනු ඇත.

නමුත් පකිස්තානු ක්‍රීඩකයන්ට පිතිකරණයේ අඩුවක් තිබේ නම්, ඔවුන්ගේ පන්දු යැවීමෙන් එය පියවා ගත හැකිය.

පකිස්තානය වේග පන්දු යවන්නන් සඳහා ප්‍රසිද්ධ වේ. ඔවුන් නිරන්තරයෙන්ම ඉතා වේගයක් හෝ දෝලනය කිරීමේ හැකියාවක් ඇති වේග පන්දු යවන්නන් බිහි කරයි.

ෂහීන් ෂා අෆ්රිඩිට පන්දු යැවීමේ හා පන්දුවට පහර දීමේ හැකියාවන් දෙකම පවතී.. නිවැරැදි ප්‍රදේශවල නොකඩවා පන්දු යැවීමට සහ වේගවත් පහරක් සඳහා පිතිකරණයේ යෙදීමට ඇති ඔහුගේ හැකියාව දැන් ප්‍රසිද්ධය.

ඉන්දියාව ආරම්භයේදීම ඔහුව යටත් කර ගැනීමට ප්‍රහාරයක් දියත් කිරීමට බලාපොරොත්තු වේ.

නසීම් ෂා ආබාධයකට ලක්ව සිටින බැවින් පාකිස්තාන කණ්ඩායමට අහිමි වනු ඇත. නමුත් ඒ වෙනුවට අෆ්රිඩිට හරිස් රවුෆ් සහ හසන් අලී වැනි දරුණු හවුල්කරුවන් සොයා ගනු ඇත.

ඔවුන්ගේ දඟ පන්දු අංශය විශාල වශයෙන් රඳා පවතින්නේ ෂඩාබ් ඛාන් සහ මොහොමඩ් නවාස් මතය. නමුත් ඔවුන්ට තම හැකියාව තුලින් ඉන්දීය පිතිකරුවන්ට බලපෑමක් කළ හැකිද යන්න පිළිබඳව ගැටළුවක් තිබේ.

 

විශේෂයෙන්ම දඟපන්දු යවන්නන් මගින්, පකිස්තාන ප්‍රහාර බිද හෙලීමේ හැකියාව ඉන්දියාවේ පිතිකරණ පෙළට ඇත.

බදාදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 63කින් ශතකයක් ලබා ගනිමින් තම හැකියාව පෙන්නුම් කළ නායක රෝහිත් ෂර්මා බොහෝ විට ප්‍රහාරාත්මක වමත් පිතිකරු ඉෂාන් කිෂාන් සමඟින් ඉනිම ආරම්භ කරනු ඇත. නමුත් අසනීප තත්ත්වය හේතුවෙන් තරගය මඟ හැරීමට ඔහුට සිදුවුවහොත්, ඔහුට ඔහුගේ නිත්‍ය ආරම්භක සහකරු ෂුබ්මන් ගිල් මඟ හැරෙනු ඇත. ගිල් ප්‍රමුඛ පෙළේ සිටින අතර ඔහු කණ්ඩායමේ නොසිටීම විශාල අඩුවක සේ දැනෙනු ඇත. නමුත් ඉන්දියාව සතුව ඔහුගේ පාඩුව පිරවීමට ප්‍රමාණවත් ‍ ශක්තියක් ඇත.

රෝහිත් ලකුණු රැස් කරන අයුරු ඉන්දීය ක්‍රීඩා ලෝලීන්  මවිත කර ඇත. ඔහු බාධාවකින් තොරව කවර් ඩ්‍රයිව්, හයේ පහරවල් සහ හතරේ පහරවලින් හොඳ තත්ත්වයේ ලකුණු පෙන්නුම් කළේය.

දකුණත් පිතිකරුවෙකු වන මොහු, ශතක පහක් රැස් කළේය. එය ලෝක කුසලානයක පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ශතක ප්‍රමාණයයි.

නමුත් පකිස්තානයට රෝහිත් පසුකර යාමට හැකි වුවහොත්, ඔවුන් ක්‍රීඩාවේ සර්වකාලීන විශිෂ්ඨයෙකු වන විරාත් කෝලිට මුහුණ දෙනු ඇත.

ඔහු පකිස්ථානයට ප්‍රබල ප්‍රතිවාදියෙකි. ඔහු පසුගිය මාසයේ  පැවති ආසියානු කුසලානයේදී පකිස්තානයට එරෙහිව චතුර ශතකයක් රැස් කර තම කණ්ඩායමට කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට උදව් කළේය.




2022 දී පකිස්තානයට එරෙහිව විස්සයි20 ලෝක කුසලානයේ දී ද, ඉන්දියාවට තිබූ ලකුණු 160 හඹා යාමේ තරගයට,  ඔහු ලකුණු 82 ක් රැස් කරමින් ලබා දුන් විශිෂ්ට ඉනිම අමතක කළ නොහැක.

අවසානය දක්වා සටන් කිරීමට ඔහුට ඇති හැකියාව බොහෝ විට ඔහු වටා සිටින අනෙකුත් ක්‍රීඩකයින්ට ශක්තියක් වෙයි.

 

සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහිව ශතක ලාභියා වූයේ රාහුල් ය. පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු ලෝක කුසලාන තරගයේ දී ඉන්දියාව ලකුණු 2කට කඩුලු 3ක් බිඳ වැටී දැඩි අසීරුතාවකට පත්ව සිටින විට,

රාහුල් තරගය අවසන් වන තුරුම පන්දුවට පහර දෙමින් තම කණ්ඩායම අසීරු කඩුල්ලක් මත ලකුණු 200 ක ඉලක්කයක් කරා රැගෙන ගියහ.

 

රෝහිත්, රාහුල් සහ කෝලි අනුගමනය කරන පිතිකරණය ද කිසිදු සහනයක් ලබා දෙන්නේ නැත. ශ්‍රේයස් අයියර් සහ සූර්යකුමාර් යාදව් හැඩකාර පිතිකරුවන් වන අතර ඔවුන්ට අවශ්‍ය විටදී ඉනිම අතහැරිය හැකි අතර අවශ්‍ය නම් ප්‍රහාරක මාදිලියටද යා හැකිය.

ඊළඟට ඉන්දියාවට තරගය අවසන් කළ හැකි භයානක තුන් ඉරියව් ක්‍රීඩකයින් වන හර්දික් පාණ්ඩ්‍යා සහ රවීන්ද්‍ර ජඩේජා සිටිති.

 

අසල්වාසීන් අතර පැවැත්වෙන මෙම තරග බොහෝවිට දකින්නට ලැබෙන්නේ ඉන්දියාවේ කීර්තිමත් පිතිකරුවන් සහ පාකිස්තානයේ දරුණු පන්දු යැවීමේ ප්‍රහාරය අතර වන තරගයක් ලෙසයි.

නමුත් තවදුරටත් එය එසේ නොවේ. අද ඉන්දියාව සතුව පකිස්තාන පිතිහරඹය අභිබවා යාමට හැකියාව ඇති බලාපොරොත්තු සහගත පන්දු යැවීමේ බලඇණියක් සිටී.

ජස්ප්‍රිත් බුම්රා ඔහුගේ රිද්මය සොයා ගන්නා විට ,ක්‍රීඩා කළ නොහැකි තරම් වන දිගු ආබාධිත විරාමයක් ගත් අතර, ඔහු නැවත තරගප කිරීමට හැකි හොඳ තත්ත්වයේ සිටී. ඔහුගේ වේගය, හවුල්කරුවන් වන මොහොමඩ් ෂාමි සහ මොහොමඩ් සිරාජ් වඩා වෙනස් නමුත් අවශ්‍ය විටදී තීරණාත්මක කඩුලු ලබා ගත හැකිය.

දඟ පන්දු අංශයේ කුල්දීප් යාදව් ඔහු කණ්ඩායමට නැවත පැමිණීම වාසිදායක වී ඇත . ආසියානු කුසලාන තරගයේදී ඔහු පාකිස්තානයේ කඩුලු 5ක් දවා ගනිමින් තරගය නිමා කළේ ඉන්දියාවට ලකුණු 228ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

ඊළඟට ජඩේජා සහ ප්‍රවීණ දඟ පන්දු යවන ක්‍රීඩක ආර් අශ්වින් ට ,ඔවුන්ගේ නිවැරදි පන්දු යැවීමෙන් පාකිස්තාන ඉනිමට බලපෑම් කල හැක. නමුත් උපක්‍රමය පවතින්නේ නිවැරදි සංයෝජනය තුළයි .

 

කණ්ඩායම් ඔවුන්ගේ උපාය මාර්ගය මනාව සකස් කර ගැනීමට අවසන් මොහොත දක්වා රැඳී සිටීමට ඉඩ ඇත. මේ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ ක්‍රීඩාවක් රසික රසිකාවියන්ට දැකගත හැකිවනු ඇති බවට සැකයක් නැත.