indika-totawatte-remanded

ආගමික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශ සිදු කළ බවට චෝදනාව මත අත්අඩංගුවට ගත් ජ්‍යෝතිර්වේදී ඉන්දික තොටවත්ත ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙයි.
පසුගියදා youtube නාලිකාවකට ප්‍රකාශයක් කරමින් ඔහු මොහොමඩ් නබිතුමාට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කර තිබෙන බවට
 12 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත ඔහුට අද(06) පෙරවරුවේ පරිගණක අපරාධ කොට්ටාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.


ඔහු අද ප්‍රකාශය ලබාදීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ 'මා කියූ දේවල් ලෝකේ මේවා මීට ඕනතරම් කියල තියනවා. මොහොමඩ් බල්ලන්ට බූරුවන්ට වගේ සලකන්නෙ කියලා එයාගෙ බිරිය කියනවා. ඒක කුරානයේ තියෙනවා.මොහොමඩ් බාල වයස්කාර ගෑනු කෙනෙක් එක්ක හිටපු නිසා තමයි අද මෙහේ මුස්ලිම් අයත් බාලවයස්කාර කෙල්ලො හොයන්නෙ. එහෙම නීති අනුව විවාහ වෙන්නෙ.
මං කිව්වේ මේව ගැන..මේව මර්දනයක්. මේව ගැන කිව්ව කියල පැමිණිලි කරනව නම් අපට කිසිවක් කියන්න බැරිවෙයි. අපෙ අම්මා චැනල් එකයි එම් ආර් කිචන් එකයි විතරයි මේ විදිහට අපිව අල්ලන්න ගියොත් ඉතිරි වෙන්නෙ. විද්‍යාව නොදැන අන්ධකාරයේ හිටි16 වන සියවසේ අමන තැනටද මේ ගෙනියන්නෙ ඇත්ත හොයන ළමයි වෙනුවෙන් මං කතා කරන්නෙ.


මං ඉස්ලාම් විරෝධියෙක් නෙමේ. මං ඉස්ලාම් දේහ භූමිදානයට විරුද්ධ වෙලාවෙ කතා කළා. අලි සබ්‍රිට ඇමතිකම් දුන්න එකට විරුද්ධ වෙද්දි මං පක්ෂව කතා කළා.මට ආගමට එරෙහි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. මං කියපු දේවල් තියන වීඩියෝවෙ කමෙන්ට් වලවත් ඉස්ලාම් ආගමේ අය ඊට විරුද්ධව ලොකුවට කොමෙන්ට් දාලා නැහැ. මේක මං හිතන්නෙ කවුරුහරි හිතල කරන වැඩක්"
ඒ අනුව අද පැමිණ ප්‍රකාශය ලබාදීමෙන් පසු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අද දහවල් අත්අඩංගුවට ගනු ලැබු අතර පසුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 5 කට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.