iranian-girl-story-hijab

ඉරානය තුළ ක්‍රියාත්මක ප්‍රසිද්ධ ස්ථානවල කාන්තාවන් හිජාබය පැලඳීමේ නීතිය උල්ලංඝනය කළ බවට පොලිස් පහරදීමට ලක් වූ තරුණියගේ මොළය මියගොස් ඇතැයි වෛද්‍ය වාර්තා පවසයි.

මෙම මාසය ආරම්භයේදී එරට ටෙහ්රාන් අගනුවර දුම්රිය ස්ථානයකදී මෙම සිදුවීම හටගෙන තිබේ. අර්මිටා ගෙරාවාන්ඩ් නම් 16 හැවිරිදි මෙම තරුණිය එම පහරදීමෙන් කෝමා තත්ත්වයට පත්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගනිමින් සිටියාය.

මේ අතර ඇගේ මව්පියන් සඳහන් කරන ආකාරයට ඇය අඩු පීඩන තත්ත්වයකින් පෙළී ඇති අතර, එම අවස්ථාවේදී හිසට සිදු වූ පහරදීමෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.



මේ අතර, හිජාබය පැලඳීමේ නීතියට එරෙහිව විරෝධතාවක් සිදුකරන අතරවාරයේදී අත්අඩංගුවට ගෙන පොලිස් භාරයේ සිටියදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මීයගිය මාෂා අමිනි නම් 22 හැවිරිදි තරුණියගේ මරණය පිළිබඳව වාර්තා කළ ඉරාන ජනමාධ්‍යවේදිනියන් දෙදෙනකුට වසර හතක සිරදඬුවමක් පැමිණවීමට එරට අධිකරණය ඊයේ තීරණය කර තිබේ.

එලාහේ මොහොමඩි (36) සහ නිලොයුෆර් හමේඩ් (31) නම් මෙම මාධ්‍යවේදිනියන් දෙදෙනා එක්සත් ජනපදය සමග සබදතා පවත්වන බවට චෝදනා යටතේ දඬුවම් හිමිව තිබේ. මාෂා අමිනිගේ මරණයත් සමග ඉරානය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ විය.