රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණය සහ කප්පම් ගැනීමේ නඩුවේ කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ නම් කර ඇති බොලිවුඩ් ඩිවා ජැකලින් ෆර්නැන්ඩස් හට රැකියාවක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ වෙත යාමට දිල්ලි අධිකරණය අවසර දුන්නේය. ඇය මෙලෙස පිටවී යන්නේ Show Blast LLC සමාගම සඳහා රඟ දැක්වීමටය.
මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන ඇය ,අයැදුම්පත මගින් වෘත්තීය සේවාවල නිරත වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට අවසර ඉල්ලා ඇත.
විශේෂ විනිසුරු ශයිලන්ඩර් මලික් ,ජැකලින්ට විදේශගත වීමට සහ ප්‍රවර්ධන කටයුතුවලට සහභාගී වීමට අවසර ලබා දුන්නේය.
කෙසේ වෙතත්, විදේශගත වීමට අවසර ලබා දීමේදී, වීසා බලපත්‍රය සම්බන්ධයෙන් බලාත්මක කිරීමේ අධ්යක්ෂ මණ්ඩලයේ (ED) නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
වීඩියෝ සම්මන්ත්රණ හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කළ හැකි බව ED හි නීතීඥවරයා යෝජනා කළ නමුත්, වීසා කාරණා සම්බන්ධයෙන් තීරණය කිරීම ඔවුන්ගේ විෂය පථයට අයත් නොවන බව අධිකරණය විසින් තහවුරු කරන ලදී. ඇමරිකානු තානාපති කාර්යාලය හෝ වීසා නිකුත් කිරීමේ අධිකාරිය ස්වාධීනව සංචාරය සඳහා අයදුම්කරුගේ නඩුව විභාග කරන බව විනිසුරුවරයා පැවසීය.
තවද, ප්‍රවර්ධන ක්‍රියාකාරකම් භෞතිකව සිදු කරන්නේද නැතහොත් මාර්ගයෙන් සිදු කරන්නේද යන්න තීරණය කිරීම ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමට පැවරෙන බවද අධිකරණය ප්‍රකාශ කළේය.
එම අවසරය ලබාදෙන අතරවාරයේදී අධිකරණය විසින් කොන්දේසි කිහිපයක් ද පැනවීය. ඒවානම් ෆර්නැන්ඩස් රුපියල් කෝටි 1 ක් වටිනා ස්ථාවර තැන්පතු කුවිතාන්සියක් (FDR) ඉදිරිපත් කළ යුතු වීම සහ ඇය ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයේදී ඇයගේ සංචාරක ගමන් විස්තරය සහ ඇය රැඳී සිටින ස්ථානය පිළිබඳ විස්තර සැපයිය යුතු වීමයි .
0 Comments