තම වැඩිමහල් දරුවා වන ,තායිමූර්ගේ මුහුණ පැපරාසීන්ගෙන් වසන් කිරීමට තමාට කිසිදා අවශ්‍ය නොවූයේ මන්දැයි කරීනා කපූර් ඛාන් හෙළි කර තිබේ.
කරීනා කපූර් ඛාන් සහ සැමියා සයිෆ් අලි ඛාන්ගේ පළමු දරුවා ටයිමූර් අලි ඛාන් පටෞඩි 2016 දී උපත ලැබුවේය.
උපන් දවසසේට රසිකයෝ දරුවා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළහ.
දරුවා කොහේ ගියත් පැපරාසියෝ ඔහු පසුපස ගියහ. දැන්, ඔහු වයස අවුරුදු හතට ආසන්නව සිටියි. ඔහු සෑම කෙනෙකුගේම ආදරණිය දරුවෙකු බවට පත්ව තිබේ . කෙසේ නමුත් කරීනා පවසන්නේ තායිමූර්ට ඡායාරූප ශිල්පීන්ගෙන් ලැබෙන සියලුම අවධානය ඔහුට කරදරයක් නොවන බවයි.
මිඩ්ඩේ ඉන්ඩියා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, තායිමූර් මෙතරම් අඩු වයසකදී භුක්ති විඳින ජනප්‍රියත්වය ගැන කරීනාගෙන් ප්‍රශ්න කෙරු විට ඇය පැවසුවේ, “එකේ කිසිම ප්‍රශ්නයක් නෑ . මම හිතන්නේ ඔහු වැඩෙන්නේ ඔහුගේ දෙමාපියන් ප්‍රසිද්ධ තරු බව දැනගෙනයි. ”යනුවෙනි.
සැබවින්ම කලා ලෝකයේ වෙනත් ප්‍රසිද්ධ තරු මෙන් කරීනා කිසිම විටෙක ඔහුව සමාජෙන් වසාගෙන සිටියේ නැත.
ඔහු කුඩා කල සිටම නිවැරදි මගපෙන්වීම් යටතේ නිවැරදි දරුවෙකු ලෙසින් හැදී වැඩෙනු ඇත.
0 Comments