
රාජගිරිය ඔබේසේකරපුර වජිරවංශ මාවතේ කුළී නිවසක සිට නීති විරෝධී මත්පැන් පෙරීමේ නිරතව සිටි චීන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් දෙදෙනා වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් වශයෙන් සේවය කරමින් සිටින පුද්ගලයන් බවත් වයස අවුරුදු 46 හා 41 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය පවසයි.
මොවුන් නිවසේ මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ඊයේ (19) මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබී ගෝඩා ලීටර් 250 ක්, නීති විරෝධී මත්පැන් ලීටර් 100ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් මේවා මෙරට වෙසෙන චීන ජාතිකයන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බවද පොලිසිය පවසයි.
(ඉන්දිකා රාමනායක)
Comments
Post a Comment
Your comment will be visible after approval