katunayake-sequrity-officer-remand

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලුවලින් රන් ආභරණ සොරා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරියකු අද (2 වැනිදා) දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා නියෝග කළේය.මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ,

මිනුවන්ගොඩ හීනටියන, යොහාන් කසුන් ජයකොඩි නමැති, 29 හැවිරිදි පුද්ගලයෙකි.විදේශගත වීමට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ ස්කෑන් යන්ත්‍රය භාරව සේවය කරමින් සැකකරු මෙම සොරකම් සිදු කර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

සොරාගත් රන් මුදු නවයක් මීගමුවේ ස්වර්ණාභරණ අලෙවිසලකට උකස් කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ආරක්ෂක කැමරාවල රූප රාමු පරීක්ෂා කර, සැකකරු හඳුනාශුගන, අත්අඩංගුවටගෙන, අධිකරණයට ඉදිරිපත් කර ඇත. සැකකරු කාන්තාවකගේ ගමන් බෑගයේ තිබූ රන් පෙන්ඩනයක්, රන් මාලයක් සහ තවත් කාන්තාවකගේ ගමන් බෑගයේ තිබූ රන් මුදු තුනක් ද සොරාගෙන ඇති බව පරික්ෂණවලින් හෙළි වී ඇත.

විමල් කීර්ති