kerala-blast-incident

දින කිහිපයකට උඩදී ඉන්දියාවේ දකුණු දිග කේරළ ප්‍රාන්තයේ නිකාය රැස්වීමක් වූ [යෙහෝවාගේ  රැස්වීමකදී ]පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ පිපිරීම් මාලාවක් සම්බන්ධයෙන් මේ වන විට  ඉන්දියානු  පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.


මෙම සිදුවීම කොචින් වරාය නගරය ආසන්නයේ ක්‍රිස්තියානි පදනම් වූ ආගමික ව්‍යාපාරය විසින් පවත්වන ලද උත්සවයකදී ඉරිදා දින සිදු වූ අතර එම  පිපිරීම්වලින් තිදෙනෙකු මියගොස්  50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව සදහන් වේ.
ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීමෙන් පසු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිසියට භාර විය.ඔහුගේ පාපොච්චාරණය කෙතරම් සත්‍යදැයි බැලීමට පොලීසිය විමර්ශන කටයුතු  කරමින් පවතී.ඔහු තම අත්අඩංගුවේ පසුවන බවත්,ඔහු ප්‍රකාශ කල සමහර සිදුවීම් සත්‍ය වන බවත් ,තවමත් විමර්ශනය මූලික අදියරේ පවතින බවත් ඉන්දියාවේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්. අජිත් කුමාර් පවසා ඇත.


මෙම  සිදුවීම සිදු  වූයේ කොචි සිට ඊසාන දෙසින් කිලෝමීටර් 10ක් (සැතපුම් හයක්) පමණ දුරින් පිහිටි කලමස්සේරි නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සංවිධානය කරන ලද යාච්ඤා සැසියකදී වන අතර , දින තුනක උත්සවයට 2000 කට අධික පිරිසක් එහි පැමිණ සිටිබව වාර්තා වෙයි.
රැස්වීමට සහභාගී වූ කාන්තාවන් දෙදෙනෙකුද  ඉරිදා මිය ගිය අතර, 95% ක් පිළිස්සුම් තුවාල සහිතව 12 හැවිරිදි දැරියක්ද  සඳුදා උදෑසන මිය ගිය බව ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන ෂෙයික් දර්වේෂ් සහේබ් පැවසුවේ මූලික පරීක්ෂණයකින් පෙන්නුම් කළේ ටිෆින් පෙට්ටියක් තුළ තබා ඇති වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය උපකරණයක් (IED) පිපිරීමට හේතු වන්නට ඇති බවයි.නමුත් සිද්ධියෙන් ටික වේලාවකට පසු ඩොමිනික් මාර්ටින් නම් පුද්ගලයා කියා සිටියේ තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.48 හැවිරිදි ඔහුගේ  තම පාපොච්චාරණය ෆේස්බුක් වීඩියෝවක පළ කර තිබු  අතර මේ වන විට  එය මකා දමා ඔහු  අසල පිහිටි පොලිස් ස්ථානයකට භාර වී ඇත.
මේ සම්බන්ධව ඔහු කියා සිටියේ තමන් ආගමික කණ්ඩායමේ ලියාපදිංචි සාමාජිකයෙකු බවත් එහි "ජාතික විරෝධී" ඉගැන්වීම් සමඟ කෝපයට පත් වූ බවත්ය.


නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය ප්‍රකාශකයෙකු වන ටීඒ ශ්‍රීකුමාර් මෙය ප්‍රතික්ෂේප කරන අතර රොයිටර් පුවත් ඒජන්සියට පැවසුවේ මාටින් මහතා එම අවස්ථාවට පැමිණ සිටියේද යන්න තමා නොදන්නා බවයි.
උත්සවයේ කොටසක් ලෙස යාඥාවක් අවසන් වී තත්පර කිහිපයකට පසු පිපිරීම් සිදු වූ බවත්, පළමු පිපිරුම ශාලාව මැද සිදු බවත්, තත්පර කිහිපයකට පසු තවත් පිපිරුම් දෙකක් ශාලාව දෙපස එකවර සිදු වූ බවත් " ශ්‍රීකුමාර් මීට පෙරදී පවසා තිබිණ.
කේරළ සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් වාර්තාකරුවන්ට පැවසුවේ පිපිරීම්වලින් පසු පුද්ගලයින් 17 දෙනෙකු විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් 12 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවයි.
වැඩි දුරටත් ඇය පවසා තිබුනේ මේ වන විට "හතර දෙනෙක් අසාධ්‍යව සිටින බවත් , ඔවුන්ගෙන් තිදෙනෙක් ඔක්සිජන් ලබා දෙමින් සිටින බවත්ය.මෙයින් බරපතල ලෙස රෝගාතුර වූවන්ට 50-60% ට වඩා පිළිස්සුම් ඇති බවද ," ඇය පැවසුවාය.
ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් පැවසුවේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
මේ අතර පිපිරීම් හේතුවෙන් දිල්ලි, මුම්බායි ඇතුළු නගරවල ආරක්ෂාව තර කර තිබේ.