2011 වසරේ සිට බලයේ සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ උත්සාහයක් ගැන වාර්තාවී ඔහුගේ ආරක්ෂාව තර කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුව ඝාතනය කිරීමට සැක කළ හැකි පිපිරීමක් අගනුවර වන පියොංයැන්ග්හි සිදුවී ඇත. පසුගිය සති කිහිපය තුළ වර්ධනය වෙමින් සිදු වූ මෙම සිදුවීම ආරක්ෂක විධිවිධාන තර කිරීමට හේතු විය.
නායකයා විසින් නව පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමට හැකි උපකරණ ආනයනය කර ඇති අතර, ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට බැලිස්ටික් බ්‍රීෆ්කේස් සහිත ආරක්ෂකයින් එක් කර ඇති බව ද වාර්තා වෙයි.
කිම් ජොන් උන් අවට ආරක්ෂාව සදහා එක් කළ අංගයන් අතර, කාබන් ෆයිබර් වලින් සාදන ලද බැලිස්ටික් බෑග් හඳුන්වාදීම ද ඇතුළත් වේ. මෙම බෑග් වෙඩි නොවදින පමණක් නොව ටේසර් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වලින් ආරක්ෂාවද සපයයි. සැක කටයුතු ක්‍රියාකාරකම් හෝ විභව තර්ජනයක් ඇති අවස්ථාවක, කිම් ජොන් උන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂකයින්ට මෙම බෑග් ඔසවා තැබිය හැකිය. රෙදි පලිහක් නිර්මාණය කිරීම සඳහා ඒවා දිග හැරිය හැකි අතර මේවා තර්ජනයක් ඇති වුවහොත් අමතර ආරක්ෂාවක් සපයයි.
කිම් ජොන් උන්ගේ පියා ද ඔහුගේ ආරක්ෂකයින් බැලිස්ටික් බෑග් වලින් සන්නද්ධ කර තිබීම විශේෂත්වයකි. එසේම ඔහු සතුව අතේ ගෙන යා හැකි ඩිෆයිබ්රිලේටරයක් ඇතුළු වෛද්‍ය උපකරණ අඩංගු විය. එම හේතුව නිසාම කිම් ජොන් උන්ගේ අතේ පවතින බ්රීෆ්කේස්වලද වෛද්‍ය උපකරණ තිබේද යන්න පිළිබඳව සැකයක් පවතී.
අප්‍රේල් මාසයේදී උතුරු කොරියානු අභ්‍යවකාශ ඒජන්සියට ගිය අවස්ථාවක සහ පියොංයැං හි ආරාධිත උත්සවයක දී ,
කිම්ගේ ආරක්ෂකයින් මෙම බ්‍රීෆ්කේස් රැගෙන යනු දුටු බව විශ්ලේෂකයන් පවසයි.
දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය මේ වසරේ කිම් ජොන් උන්ගේ පොදු කටයුතුවල සැලකිය යුතු අඩුවීමක් සටහන් කර ඇත. ප්‍රතිශතයක් ලෙස ගත් තල එය සියයට 50 ක පමණ අඩු වීමකි.
පියොංයැන්ග්හි පිපිරීමෙන් කොපමණ පිරිසක් තුවාල ලබා ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත. උතුරු කොරියාවේ නරක අතට හැරෙන ආහාර අර්බුදය සහ සාගින්න නිසා ඇති වී ඇති කෝපය ප්‍රහාරයට හේතුවක් විය හැකි බවට ඇතැමුන් අදහස් දක්වයි. ඇතැම් විට එය , උතුරු කොරියාවේ වාහන කොල්ලකෑම හෝ පැහැරගැනීමේ අභියෝග සැලකිල්ලට ගෙන ආහාර සැපයුම් සොරකම් කිරීමේ උත්සාහයක් විය හැකිය.
0 Comments