කොල්ලුපිටියේදී ලංගම බස් රථය මතට ගසක් කඩාවැටීමේ අනතුරින් මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීම සඳහා එසේ මියගිය අයගේ ළඟම ඥාතිවරයා වෙත රුපියල් ලක්ෂ 5ක කරුණාසහගත දීමනාවක් ලබාදීමට රජය තීණය කර ඇතැයි වාර්තා වේ.ඊට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමටද නියමිතය බව වාර්තා විය.
ඒ අනුව එච්. එම් සුරේෂ් බණ්ඩාර රත්නායක, කේ.ඒ ටිරෝන් ප්‍රනාන්දු, අමිල චතුරංග, යූ. සුජීව ප්‍රියංජන හා බී. සුබ්‍රමනියම් යන මහත්වරුන්ට මෙම කරුණාසහගත දීමනාව ප්රදානය කිර්මට නියමිතය.මෙම ප්රදානය සිදු කෙරෙන්නේ ඔක්තෝබර් 6වැනිදා කොළඹ සිට මතුගම බලා ධාවනය වෙමින් තිබියදී කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියගිය පුද්ගලයන් 5දෙනා වෙනුවෙනි
එමෙන්ම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් පැවති අධික මගී තදබදය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමේදී අනතුරට ලක්ව මියගිය ඩබ්.ඩී.ඩී. ටී. පෙරේරා මහතා වෙනුවෙන් ප්රදානය කරන ලද රුපියල් ලක්ෂ 5ක කරුණාසහගත දීමනාව සඳහාද ආවරණ අනුමැතිය ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.
නවෝද්‍යා පවනි
0 Comments