kollupitiya-tree-collapse-bus

9.15 am update
කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි වටරවුම ආසන්නයේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 කු මියගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය. අනතුර නිසා තවත්,තවත් 07 දෙනෙකු තුවාල සහිතව රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු කියා තිබේ. පුද්ගලයින් 5 දෙනකු රෝහලට රැගෙන එන විටත්

මිය ගොස් සිටි බව ඔහු තහවුරු කළේය.

8.15 am update
අද (06) උදෑසන 6.00ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ.
පොලිසිය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 17දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලද බවයි.
ලිබර්ටි වටරවුමේ සිට මීටර් 100ක් පමණ බම්බලපිටිය දෙසට ගමන් කිරීමේදී හමුවන ස්ථානයකදී
මෙම අනතුර සිදුවී ඇති අතර  බස් රථය කොළඹ සිට දෙනියාය වෙතගමන් කරමින්  තිබියදී අනතුරට ලක්ව ඇත.
අනතුර හේතුවෙන් මාර්ගය අවහිර වී තිබූ බවද පොලීසිය පැවසීය.