lalith-kothalawala-death-suspitious

කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය වූ, 84 හැවිරිදි, ෂෙරින් ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශයක් දෙමින් පැවැසුවේ යැයි බම්බලපිටිය පොලීසිය පවසයි. මේ නිසා ලලිත් කොතලාවල මහතාගේ මරණය සිදු වූ ආකාරය හෙළි කරගැනීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අද (23 වැනිදා) පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට බම්බලපිටිය පොලීසිය කටයුතු යොදා ඇත.



ලලිත් කොතලාවල මහතා කුමන සෞඛ්‍ය තත්ත්වයක පසු වූවාදැයි නොදන්නා නිසාත් මෙම මරණය සැක සහිත බව ඇය පවසන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ලලිත් කොතලාවල මහතා කුමන ලෙඩ රෝග සඳහා කුමන ඖෂධ භාවිත කළේ දැයි නොදන්නා බවත්, කුමන තරාතිරමක වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තා ද කියා නොදන්නා බවත්, ඇය පවසන්නේ යැයි පොලීසිය කියයි.ලලිත් කොතලාවල මහතා බම්බලපිටිය ප්‍රදේශයේ නිවෙසක ඔහුගේ සේවකයන් කිහිප දෙනකු සමග වෙනම ජීවත් වූ බවත්, සිසිලියා කොතලාවල මහත්මිය එම ප්‍රදේශයේම වෙනම නිවෙසක පදිංචිව සිටි බවත් ඇය පොලීසියට පවසා ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය