ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු · මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය පදිංචි හෙට්ටි කංකානමලාගේ ලක්ෂ්මන් හෙට්ටි පතිරණ නමැති (64) හැවිරිදි නාවික හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිලධාරියකු බවද පොලිසිය කියයි.
මෙම පුද්ගලයා වසර කිහිපයක සිට රෝගී තත්ත්වයකින් පෙළී ඇති අතර ඔහුට ඇප උපස්ථාන සියල්ල බිරිඳගේ අතින් සිදුව තිබේ. මේ අතරතුරදී ඉකුත් 18 දා දහවල් ආහාරය ලබාදීමෙන් පසුව අතුරු පසක් ලෙස කෙසෙල් ගෙඩියක් දී ඇති අතර එය ආහාරයට ගනිමින් සිටියදී එක්වරම එහි කැබැල්ලක් සිරවීමත් සමග වූ අසාත්මිකතාවයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මියගොසේ ඇති බවයි.
ඒ අනුව මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කරන ලදී.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් දකුණු පෙනහල්ලට යාමෙන් ඇති වූ ස්වසන අපහසුතාව මරණයට හේතුව බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය .
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත පො.කො (77098) ලක්මාල් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.
- මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments