mexico-bus-accident

මෙක්සිකානු Oaxaca ප්‍රාන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් 16 දෙනෙකු මිය ගොස් තිබේ. මගීන්ගෙන් වැඩි පිරිසක් සංක්‍රමණිකයන් බව ප්‍රාදේශීය බලධාරීහු පවසති .
මියගිය අය අතර ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනාම වෙනිසියුලාවේ සහ හයිටියේ පිරිස් බව Oaxaca ප්‍රාන්ත නීතිපතිවරයා පැවසීය. පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් වෙත ප්‍රවාහනය කර ඇත.

බලධාරීන් විසින් සමාජ මාධ්‍ය වල පළ කරන ලද පින්තූරවල දැක්වෙන්නේ කඳුකර Oaxaca-Cuacnopalan අධිවේගී මාර්ගයේ දී බස් රථය පෙරළී ගොස් දැඩි ලෙස හානි වී ඇති බවයි.

එරට වේලාවෙන් උදෑසන 5 ට පමණ සිදුවූ අනතුරට හේතුව සොයා බලධාරීහු පරීක්‍ෂණ පවත්වති. Oaxaca ප්‍රාන්ත නීතිපති කාර්යාලය මුලින්ම ප්‍රකාශ කර ඇත්තේ 18 දෙනෙකු මෙම අනතුරින් මිය ගිය බවයි,නමුත් පසුව සිකුරාදා සවස් වන විට එහි සංඛ්‍යාව සංශෝධනය කරන ලදී.

අනාරක්ෂිත බව සහ ආර්ථික අර්බුදයන් හේතුවෙන් , වෙනිසියුලාව සහ හයිටි සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් උතුරු දෙසට සංක්‍රමණය වෙයි.

ආහාර හිඟය සහ සෞඛ්‍ය සේවා සඳහා ඇති සීමිත ප්‍රවේශය ,වෙනිසියුලාවෙන් පමණක් මිලියන 7.7 කට අධික ජනතාවක් සංක්‍රමණය වීමට හේතුව වී තිබේ

බියිඩ්න් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කියා සිටියේ ප්‍රතිපත්තිවල විශාල වෙනසක් සනිටුහන් කරමින් සංක්‍රමණිකයින් මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස , එක්සත් ජනපදය වෙනිසියුලානු ජාතිකයන් වෙනිසියුලාව වෙතම පිටුවහල් කිරීම නැවත ආරම්භ කරන බවයි .