milco-chairman-issue-13-arrested

මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාව කොල්ලුපිටියේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් මත ඊයේ පොලිසිය එම ස්තානය වටළා තිබූ අතර
මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙහිදී සභාපතිවරයාව පිටතට ගනු ලැබුවේ පොලීසියේ මැදිහත්වීමෙනි.
වෘත්තීය සමිති සාමාජිකයන් පිරිසක් දීමනාවක් සම්බන්ධව කරුණු මූලික කර ගෙන
මිල්කෝ ආයතනය සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය එහි ප්‍රධාන කාර්යාලයේ 6 වන මහලේ සිරකරගෙන සිටි බව පැවසේ.
සභාපති රේණුක පෙරේරා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (25) එහි රැස්ව සිටි අතරවාරයේ මෙම පිරිස එතැනට කඩා වැදී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
 එම ස්ථානයට කඩා වැදුණු මෙම පිරිසට පිටවී යාමට ඉඩ නොදී එම මහලේ රඳවාගෙන ඇති බවට සභාපතිවරයා පොලිසියට පැමිණිලි කළේය.


ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඔවුන් මුදා ගෙන ඔවුන් රඳවා ගෙන සිටි පිරිස වැටළූ අතර 13 දෙනෙකු අත්අඩංගුවට පත්විය.
කොල්ලුපිටිය පොලිසිය මේ ගැන පරීක්ෂණ සිදු කරයි.