namal-wedding-sanath-nishantha

තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලිය වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්‍ෂ 26 කට අධික හිඟව තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද (2) ගෙවීය. කොළඹ පිහිටි විදුලි බල මණ්ඩල කාර්යාලයට ගොස් එය ගෙවා එලියට පැමිණි සනත් නිශාන්ත මාධ්‍ය අමතා කියා සිටියේ තම පුද්ගලිකධනයෙන් එය ගෙවා දැමූ බවයි. නාමල් රාජපක්ෂට තමා එය දන්වන බවද කීය.
මේ අතර ගෙවීම පැහැර හැරීම නිසා පසුගිය කාලයේ අප්‍රසාදයට ලක්වූ නාමල් රාජපක්ෂ පසුව කියා සිටියේ
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් විදුලි බිලක් ගෙවීම ගැන තමා දැන ගත්තේ සනත් තමාට දුරකථනයෙන් දැනුම් දුන් පසුව බවයි.


නාමල් රාජපක්ෂ පවසා සිටියේ, තවමත් විදුලි බිලක් තමාගේ නමට ලැබී නොමැති හා තිබී නොමැති වන නමුත් සනත් නිශාන්ත අමාත්‍යවරයා විදුලි බලමණ්ඩලයට ගොස් විමසීමේදීද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නමට කිසිදු විදුලි බිල්පතක් නොමැති බවකියා ඇති නමුත් විවාහ මංගලෝත්සවයට අදාලව තිබූ බිල්පතක් සනත් නිශාන්ත විසින් ගෙවා දමා ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඉන් අදහස් කරේ විවාහ මංගල්‍යයට බිලක් තිබුණත් එයට නාමල්ගේ වගකීමක් නැති ආකාරයේ කතාවකි.
තම විවාහ උත්සවයේ විදුලි බිල ගෙවා නැති නාමල් රාජපක්ෂ මේ වනවිට දෙදරු පියෙකි.

කෙසේ වෙතත් බිල ගෙවා එළියට ආ සනත් නිශාන්ත  පවසා තිබුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම හා රට සංවර්ධනය කල විශිෂ්ට නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවය හා කෘතගුණ පලකිරීමට මෙම බිල්පත ගෙවා දැමූ බවයි.