netherland-pakistan-sri-lanka-south-africa

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය හා නෙදර්ලන්තය අතර ඊයේ (06) පැවති තරගයෙන් ලකුණු 81ක පහසු හා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් විය.
හයිද්‍රාබාද් හී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම, සියලු දෙනා දැවී ලකුණු 286ක් රැස් කළේය‍.
නමුත් පිළිතුරු ඉනිම සඳහා නෙදර්ලන්තයට රැස් කර ගත හැකි වූයේ, සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 205ක් පමණි
නෙදර්ලන්තය වෙනුවෙන් ඩි ලීඩ් ලකුණු 67ක් සහ වික්‍රම්ජිත් සිං ලකුණු 52ක් රැස් කළහ.

2023 ලෝක කුසලාන මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පස්වරු 2.00ට පැවැත්වේ.දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය දිල්ලි හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එය දිවා රාත්‍රී තරගයකි.
මේ අතර අද උදෑසන බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර තරගය ධර්මශාලාහි පැවැත්වේ.