nobel-prize-2023

එලැඹෙන සතියේදී 2023 වසර සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.  සාමාන්‍යයෙන් ජයග්‍රාහකයින් එක් අයෙකු හෝ දෙන්නෙකු හෝ තිදෙනෙකු එකම ත්‍යාගයට නම් කරත් මෙවර තිදෙනෙකුට වඩා නම් කිරීමට සිදුවන තනි ත්‍යාග මතුවීම නිසා ගැටලුවක් මතුව ඇත.

ශතවර්ෂයකට පෙර ස්වීඩන් කර්මාන්තකරු ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් පිහිටුවන ලද මෙය ,ගෞරව, විද්‍යාත්මක ජයග්‍රහණවල උච්චතම අවස්ථාව නියෝජනය කරයි. බොහෝ විට දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින පරිවර්තනීය ජයග්‍රහණ මෙහිදී සමරයි.

ඇතැම් විට තෝරා ගන්නේ කවුරුන්ද සහ කවුරුන් ඉවත් කරන්නේද යන්න පිළිබඳව . විද්‍යාත්මක සමාජය තුල මතභේදයක් සහ අමනාපයක් ඇති කරන බව බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාඥ සහ භෞතික විද්‍යාඥ සහ ලොව පැරණිතම රාජකීය සංගමයේ හිටපු සභාපති මාටින් රීස් පැවසීය.



රීස් පැවසුවේ නොබෙල් කමිටු සඳහා එක් අභියෝගයක් වන්නේ බොහෝ විද්‍යාත්මක පර්යේෂණවල වැඩි වැඩියෙන් පවතින සහයෝගිතා ස්වභාවයයි.  ඊට අමතරව, විවිධ කණ්ඩායම් විසින් සොයාගැනීම් එකවර සිදු කළ හැකිය.

කෙසේ වෙතත්, 1895 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නොබෙල් තේරීම් කමිටුවට නියම කරන ලද නීතිරීතිවලට අනුව, ගෞරව කළ හැක්කේ පුද්ගලයන් තිදෙනෙකුට පමණි

නිදසුනක් වශයෙන්, 2017 භෞතික විද්‍යාව පිළිබඳ ගුරුත්වාකර්ෂණ තරංග හඳුනා ගැනීම සිදුකර ඇත.( ආලෝක වර්ෂ බිලියන 1 ක් හෝ ඊට වැඩි දුරින් කළු කුහර ගැටීමෙන් ජනනය වන අභ්‍යවකාශයේ "රැලි".) මෙම සොයාගැනීම වාර්තා කරන ප්‍රධාන පත්‍රිකාවේ කතුවරුන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව රීස් සඳහන් කළේය. කෙසේ වෙතත්, ත්‍යාගය පිරිනමන ලද්දේ Rainer Weiss, Barry Barish සහ Kip Thorne යන තිදෙනෙකුට පමණි.

වෛද්‍ය විද්‍යාව හෝ රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සඳහා බොහෝ විට සාකච්ඡා කරන අපේක්ෂකයෙකු වන්නේ, 2022 දී පමණක් සම්පුර්ණයෙන්ම නිම කරන ලද සහ සිය ගණනක් පුද්ගලයින් සම්බන්ධ කර ගත් පරිවර්තනීය ව්‍යාපෘතියකි.

විද්‍යාත්මක තොරතුරු සඳහා වන ක්ලැරිවේට් ආයතනයේ පර්යේෂණ විශ්ලේෂණ ප්‍රධානී ඩේවිඩ් පෙන්ඩල්බරි විසින් වසර ගණනාවක් පුරා සෙසු විද්‍යාඥයන් ඔවුන්ගේ ප්‍රධාන විද්‍යාත්මක පත්‍රිකා කොපමණ වාරයක් උපුටා දක්වනවාද යන්න විශ්ලේෂණය කිරීමෙන් පසුව “නොබෙල් සුදුස්සන්” හඳුනා ගනී.  

ත්‍යාගයක් පිරිනැමිය හැක්කේ පුද්ගලයන් තිදෙනෙකුට පමණක් යන නීතිය , නොබෙල් ත්‍යාග වෙබ් අඩවියට අනුව , නොබෙල් පදනමේ ප්‍රඥප්ති වලින් පැමිණේ. නොබෙල් රසායන විද්‍යා ත්‍යාගය සඳහා වූ කමිටුවේ ලේකම් වන පීටර් බ්‍රෙසින්ස්කි පැවසුවේ , මෙම රීතිය වෙනස් කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි. කෙසේ වෙතත්, ජනවාරි මස අවසන් වන විට නාමයෝජනා භාරදීමෙන් පසු කමිටුව සවිස්තරාත්මක ක්‍රියාවලියක් අනුගමනය කරන බව ඔහු පැවසීය.

"අපි මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ , මෙම නව සොයා ගැනීම සිදු කර ඇති ක්ෂේත්‍රය විස්තර කරන වාර්තා ලිවීමට, මෙම ක්ෂේත්‍රයේ ප්‍රධාන සොයාගැනීම් ගෙනහැර දැක්වීමට සහ වඩාත්ම වැදගත් දායකත්වය ලබා දුන් පුද්ගලයින් සඳහන් කිරීමට” යැයි ඔහු විද්‍යුත් තැපෑලෙන් පැහැදිලි කළේය.

“අපි අදාළ සියලුම සාහිත්‍ය කියවා, සම්මන්ත්‍රණවලට සහභාගී වන අතර කමිටුව තුළ වාර්තා ද ලියනවා,

එමගින් කාලයත් සමඟම, සොයාගැනීම සිදු කළ සීමිත විද්‍යාඥයන් සංඛ්‍යාවක් හඳුනා ගැනීමට අපිට හැකි වෙනවා. මෙය කළ නොහැකි නම්, අපට ඇකඩමියට ත්‍යාගයක් යෝජනා කිරීමට නොහැකියි ,” යැයි Brzezinski වැඩිදුරටත් පැවසීය.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තට අනුව නම් කරන ලද විද්‍යාත්මක විෂයයන් තුනක් කෙරෙහි  නොබෙල් අවධානය යොමු කරයි. ගණිතය, පරිගණක විද්‍යාව, පෘථිවි සහ දේශගුණ විද්‍යාව සහ සාගර විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර බැහැර කර ඇත.

 1995 සිට 2017 දක්වා ප්‍රදානය කරන ලද නොබෙල් ත්‍යාගවලින් අඩකට වඩා හිමිව ඇත්තේ , විවිධ විද්‍යාත්මක උප විෂයයන් 114 න් ක්ෂේත්‍ර පහක් වන අංශු භෞතික විද්‍යාව, පරමාණුක භෞතික විද්‍යාව, සෛල ජීව විද්‍යාව, ස්නායු විද්‍යාව සහ අණුක රසායන විද්‍යාව සදහා බව  2020 අධ්‍යයනයකට අනුව වාර්ථා වෙයි.

කෙසේ වෙතත්, රීස් සඳහන් කළේ, ඇතැම් ක්ෂේත්‍රයන් සඳහා විශාල පිළිගැනීමක් ලබා දීම, නොබෙල් කමිටු විද්‍යාත්මක ප්‍රමුඛතා සමඟ සම්බන්ධ නොවන බවක් පෙනෙන්නට ඇති බවයි. එයට උදාහරණයක් වන්නේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, මිනිසුන්ගේ ජීවිත පෙර නොවූ විරූ වේගයකින් පරිවර්තනය කිරීමයි.

ගූගල් ඩීප් මයින්ඩ් නිපැයුම්කරුවන් වන ඩෙමිස් හසාබිස් සහ ජෝන් ජම්පර්  විසින් ඇමයිනෝ අම්ල අනුපිළිවෙලින් ප්‍රෝටීන වල ත්‍රිමාණ ව්‍යුහයන් විකේතනය කරන AI වැඩසටහන හදුන්වා දෙන ලදී. ඔවුන් මේ වසරේ $250,000 Lasker ත්‍යාගය සහ වසරකට පෙර Breakthrough ත්‍යාගය දිනා ගත්හ.

ඔවුන්ගේ ප්‍රධාන පත්‍රිකාව වසර දෙකකට පමණ පෙර ප්‍රකාශයට පත් කරන ලද බැවින්, එය 8,500 වාරයකට වඩා උපුටා දක්වා ඇති බව Pendlebury පැවසීය.

නොබෙල් ත්‍යාග සම්බන්ධයෙන් එල්ල වන විවේචන අතරට ,ජයග්‍රාහකයින් අතර විවිධත්වය නොමැතිකමද ඇතුළත් වේ
 පසුගිය වසරේ රසායන විද්‍යා ත්‍යාගය දිනාගත් කැරොලින් බර්ටෝසි , විද්‍යා ත්‍යාගයක් දිනාගත් එකම කාන්තා ජයග්‍රාහකයා විය.
නොබෙල් වේදිකාවේ විවිධත්වය නොමැතිකම ගැටලුවක් බව තමා විශ්වාස කරන බවත්, එහෙත් කාලය ඉදිරියට යන විට,

වැඩි වැඩියෙන් කාන්තාවන් තෝරා ගනු ඇති බවත්." පෙන්ඩල්බරි පැවසීය.

"විද්‍යාව සඳහා නොබෙල් මට්ටමේ දායකත්වය ලබා දුන් කාන්තාවන් කිහිප දෙනෙකු සිටි නමුත් , පිරිමි සගයන් සඳහා පමණක් ප්‍රදානයන් සිදු කර ඇත " යනුවෙන් හෙන්රි චාල්ස් ලී විද්‍යා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක සහ පෘථිවිය හා ග්‍රහලෝක පිළිබඳ අනුබද්ධ මහාචාර්යවරියක වන නයෝමි ඔරෙස්කේස් පැවසීය.

විවිධත්වයේ ගැටලුවට හේතු වී ඇත්තේ විනිවිදභාවය නොමැතිකමයි. නොබෙල් කෙටි ලැයිස්තුවද නාමයෝජනාකරුවන් මෙන්ම රහසිගත වන අතර, තෝරා ගැනීමේ ක්‍රියාවලියේ තොරතුරු හෙළි කරන ලියකියවිලි  මහජන දර්ශනයට යොමු නොකරයි.

අතීත සාර්ථකත්වයට ප්‍රතිලාභ ලබා දෙනවාට වඩා වැදගත් ගැටලුවක් විසඳීමට අනාගත උත්සාහයන් දිරිමත් කිරීම බව මාටින් රීස් පැවසීය.

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය සඳුදා ප්‍රකාශයට පත් කෙරෙන අතර, අනතුරුව භෞතික විද්‍යා ත්‍යාගය අඟහරුවාදා සහ රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය බදාදා ප්‍රකාශයට පත් කෙරේ. සාහිත්‍යය සඳහා වන නොබෙල් ත්‍යාගය සහ නොබෙල් සාම ත්‍යාගය පිළිවෙලින් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ප්‍රකාශයට පත් කෙරේ.