noisy-cat-sets-new-guinness-world-record-loudest-purr

 නගන‘ purr ‘ශබ්දය වඩාත් ඝෝෂාකාරී වීම නිසා ‘බෙලා‘ නමැති ඇමරිකානු බළලෙකුට ගීනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකියාව ලැබී තිබේ.
14 හැවිරිදි මිශ්‍ර අභිජනන බළලෙකු මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
ගිනස් ලෝක වාර්තා (GWR) විසින් නිකුත් කරන ලද මෑත මාධ්‍ය නිවේදනයකට අනුව, ගෘහස්ථ බළලෙකු වන බෙලාට "ලොව ඝෝෂාකාරීම purr" යන නාමය ලබා දී ඇත.

බෙලාගේ purr ශබ්දය decibel 54.49 ක් වෙයි.  එය තේ කේතලයක තාපාංකයේ ශබ්දයට සමාන වන අතර සම්මත රෙදි සෝදන යන්ත්‍රයක ශබ්දයට ආසන්න බව GWR සිය නිවේදනයේ සඳහන් කළේය.  



බෙලාගේ හිමිකාරිය වන නිකොල් ස්පින්ක් දවස පුරා ඇගේ බළලාගේ ඝෝෂාව ඇසීමට පුරුදු වී සිටී.

 “රූපවාහිනිය නරඹන විට, රූපවාහිනියෙන් නිකුත් වන ශබ්දය සමග එකට ශබ්ද කිරීමට බෙලා කැමතියි.  සවස් වරුවේ රූපවාහිනියේ ශබ්දය අවහිර කරන බෙලාගේ purr ශබ්දය ගැන, මගේ මිය ගිය සැමියා නිතරම තරහෙන් කෑ ගැසුවා ," ලෙසද ඇය පැවසුවාය.

බෙලා මෙම ජයග්‍රහණය නිවසට ගෙන ඒම දැකීමෙන් ස්පින්ක් සතුටට පත් වුවද, මෙම සම්මානය ඇයට සහ ඇගේ පවුලේ අයට පුදුමයක් නොවේ .

"මිතුරන් සහ පවුලේ අයට නිතරම බෙලාගේ ඝෝෂාකාරී හඩ ඇහෙනවා. හැමෝම අහන්නේ , 'මොකක්ද ඒ විශාල ශබ්දය? කියලා. හැබැයි බෙලා මේ විදිහකෙෑ ගහන්නෙ එයා සතුටින්ම ඉන්න වෙලාවට !" යැයි ස්පින්ක් දිගටම පැවසුවාය.

වාර්තාගත purr ශබ්ද ඉංජිනේරුවෙකු විසින් පටිගත කරන ලද අතර GWR හි නිල විනිශ්චයකරු ඩේව් විල්සන් විසින් අනුමත කරන ලද බව මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
මයික්‍රෆෝනයේ සිට මීටරයක් දුරකට  purr ශබ්දය පැතිරෙන අතර එය යන්තම් යාරයකට සමාන වේ.

බෙලාට  "ජීවත්වන ගෘහස්ථ බළලෙකුගේ ඝෝෂාකාරීම purr " ශබ්දය සඳහා වාර්තාව හිමි වුවද, ගෘහාශ්‍රිත බළලෙකුගේ ඝෝෂාකාරීම purr වාර්ථාව තවමත් මර්ලින් සහ ස්මෝකී නම් බළලුන් දෙදෙනා සතුව ඇත.