pyramid-central-bank

නීති විරෝධී අන්දමින් පිරමිඩ ජාවාරම්වල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩිටි' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන නිදෙනකුට අයත් රුපියල් කෝටි 9කට ආසන්න වටිනාකමකට ආසන්න ඉඩම් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් 03ක් පැවරීම සහ විකිණීම නැවත දැනුම්දෙනතුරු ප්‍රසන්න අල්විස් මහතා

ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් දෙදෙනකුට ඊයේ (26) නියෝගයක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මහනුවර සහ කුරුණෑගල යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරුන්ගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 9 ක් පමණ වන අතර, ඒවා පිරමීඩ ඡාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනා ගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.



 ඔන්මැක්ස් ඩීටී ' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සාරංග රන්දික ජයතිස්ස, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් සහ ප්‍රසන්න මධුරංග සමරකෝන් යන අයට අයත් රුපියල් කෝටි 9 ක පමණ වටිනාකමකින් යුතු ඉඩම් 08 හි නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.සාරංග රන්දික ජයතිස්ස යන අයට අයත් මහනුවර නගරයේ පිහිටි සුපිරි පන්නයේ නිවසක් සහිත ඉඩම් තුනක්, කහඳව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත් යන අයට අයත් කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස දෙකක් හා ඉඩම් දෙකක් සහ ප්‍රසන්න මධුරංග සමරකෝන් යන අයට අයත්, කුරුණෑගල පිහිටි නවීන පන්නයේ නිවසක් සහ ඉඩම් දෙකක් මේ අකාරයෙන් පැවරීම තහනම් කරමින් නියෝග නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණි.



ඔන්මැක්ස් ඩීටී ' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ප්‍රදේශවල පිහිටි රුපියල් කෝටි 62කට අධික වටිනා කමකින් යුත් ඉඩම් 20 ක් නැවත පැවරීම සහ විකිණීම නැවත දැනුම් දෙනතුරු තහනම් කරමින් අධිකරණයෙන් නියෝග නිකුත් වුයේ ඉකුත් සැප්තැම්බර් මස 04 වැනිදාය. ඒ අනුව සම්පත් සඳරුවන් යන අයට අයත්ව තිබූ මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06කේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02 ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02 ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් වී තිබිණි.

ඔන්මැක්ස් ඩීටී ' පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන සම්පත් සඳරුවන්, කහදව ආරච්චිගේ අතුල ඉන්දික සම්පත්, සාරංග රන්දික ජයතිස්ස සහ ධනංජය ජයාන් ඇතුළු එහි අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කර ඇත.මෙම පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගලායන අවසාන වොලට්ටුව ඕස්ට්‍රේලියාවේ හෝ වෙනත් විදේශීය රටක ඇති ගිණුමක් නොවන බවත් එය ශ්‍රී ලංකාවේ ලාංකිකයකුට අයත් එකක් බවට මහ බැංකුව මගින් කළ විමර්ශනයකදී අනාවරණය කරගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



ඔන්මැක්ස් ඩීට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනකුගේ බැංකු ගිණුම්වල ඉකුත් මාර්තු මස 21 වැනි දින වන විට රුපියල් හැත්තෑ නව කෝටි හය ලක්ෂ දහඅටදහස් පනහක මුදලක් (79,0,618,050) තැන්පත්ව ඇති බවත්, ඉන් වැඩිම මුදල වූ රුපියල් පනස් පන් කෝටි අසූ නවලක්ෂ හතළිස් එක්දහස් හයසිය පනස් හතක මුදලක් (55,8,941,657) එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නමැත්තාගේ බැංකු ගිණුම් 16 ක තැන්පත්ව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියට අදාළවම ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 08ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ 'බයිනෑන්ස් ඩොට්කොම්' (Binance.com ) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 19 වැනිදාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි. බැංකු පනතේ 83 අ (1) වගන්තියට අනුව සහ 2011 අංක 40 දරන පනතේ 2006 අංක 5 මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 වන වගන්තියට අනුව මෙම අයවලුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


නිමන්ති රණසිංහ