කුරුණෑගල මහව සහ නිකවැරටිය රජයේ වී ගබඩා දෙකකින් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමින් යුත් වී කිලෝ ලක්ෂ හතක් පමණ අස්ථානගතවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගබඩා දෙකේ භාරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බී.සී. ඩබ්ලිව්. ඉද්දමල්ගොඩ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කර ඇත.එම ගබඩා දෙකට අමතරව පොල්ගහවෙළ ගබඩාවේදී වී තොග අස්ථානගත වීමක් සිදුවී ඇත්දැයි සෙවීමට අද (31) කිරුම් මිනුම් පරික්ෂාවක් කිරීමට නියමිතය. ගබඩා දෙයක් වී තොග අස්ථානගතවීම සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලය මූලික පරික්ෂණයක් පවත්වන අතර එහි වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට අනිද්දා ( 2 ) බාරදෙන බවද සභාපතිවරයා කීවේය.
මෙසේ අස්ථානගතව ඇතැයි පැවසෙන්නේ 2020-21 මහ කන්නයේ වී අස්වැන්නෙන් ගබඩා කෙරුණු කොටසක් බව පැවසෙයි. කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගියදා කළ සොයා බැලීමකදී මෙම වී තොග අස්ථානගතවීම පිළිබඳ තොරතුරු අනාවරණයවී ඇත. ඒ අනුව අමාත්‍යවරයාගේ උපදෙස් මත වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බී.සී.ඩබ්ලිව්. ඉද්දමල්ගොඩ මහතාගේ නියමයෙන් පරීක්ෂණ ආරම්භ විය.
සුජිත් හේවාජුලිගේ
0 Comments