pakistan-wants-undocumented-migrants-to-leave-by-november-1

මිලියන 1.7ක් පමණ වන අනවසර ඇෆ්ගන් සරණාගතයින් හට නොවැම්බර් මාසය වන විට රට හැර යන ලෙස පකිස්ථාන රජය නියෝග කර ඇත.
මේ වසරේ ඇති වූ දෙරටේ දේශසීමා සටන්වල වැඩිවීම මෙම නියෝගයට හේතු වී ඇත.



ඇෆ්ගනිස්ථානය පදනම් කරගත් ක්‍රියාකාරීන්ට දේශසීමා තරණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය චෝදනා කරන නමුත්, තලේබාන් පාලනය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එහෙත් පකිස්තානය විසින් "නීති විරෝධී" සංක්‍රමණිකයන්ට එරෙහිව මර්දනයක් ප්‍රකාශයට පත් කිරීම, ඉස්ලාමාබාද්හි අමනාපයට හේතු වී ඇත.

පසුගිය සතියේ, ඇෆ්ගනිස්ථානයේ දේශසීමා ආසන්නයේ ඇති මස්තුං නගරයේ මුස්ලිම් පල්ලියක ආගමික උත්සවයක් අතරතුර සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගියහ .

විදේශ රටක රැකවරණය පැතීමේ අයිතිය ජාත්‍යන්තර නීතියෙන් තහවුරු කර ඇත. විශේෂයෙන් 2021 දී තලේබාන්වරුන් ඇෆ්ගනිස්ථානයේ බලයට පත් වූ දා සිට , පාකිස්තානය ඇෆ්ගනිස්ථාන සරණාගතයින් සිය දහස් ගණනක් තම එටට රැගෙන ඇත.



ඇෆ්ගන් ජාතිකයන් මිලියන 1.3ක් පමණ සරණාගතයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර තවත් 880,000කට එහි රැඳී සිටීමට නීතිමය තත්ත්වය ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහෙත් තවත් මිලියන 1.7 ක ජනතාවක් "නීතිවිරෝධී ලෙස" රට තුළ සිටින බව අමාත්‍ය බුග්ටි  ප්‍රකාශ කළේය.  එය තවමත් සරණාගත තත්ත්වය ලබාගෙන නොමැති අය පිළිබඳ පැහැදිලි සඳහනකි.

ස්වේච්ඡාවෙන් හෝ බලහත්කාරයෙන් සිදු කරන පිටුවහල් කිරීමකින් හෝ මේ මස අවසන් වන විට එම පුද්ගලයින්ට රට හැර යාමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය.

"ඔවුන් නොයන්නේ නම් ... ඔවුන් පිටුවහල් කිරීම සදහා ෆෙඩරල් රජයේ සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන යොදා ගනු ඇති බවද  ඔහු කියා සිටියේ ය.

රට තුළ සිටින "නීති විරෝධී" ඇෆ්ගනිස්ථානුවන්ගේ පුද්ගලික ව්‍යාපාර සහ වත්කම් හඳුනා ගැනීම සහ රාජසන්තක කිරීම අරමුණු කරගත් කාර්ය සාධක බලකායක් සම්බන්ධයෙන් ද ඔහු නිවේදනය කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන් පකිස්තානයේ ඇෆ්ගනිස්ථාන නිලධාරීන් කියා සිටියේ ප්‍රාදේශීය බලධාරීන් දැනටමත් ඇෆ්ගනිස්ථානුවන් වටකර ගැනීම ආරම්භ කර ඇති බවයි. කලින් ට්විටර් ලෙස හැඳින්වූ X හි ප්‍රකාශයක් නිකුත් කරමින් එහි තානාපති කාර්යාලය පැවසුවේ පසුගිය සති දෙක තුළ ඇෆ්ගන් ජාතිකයන් 1,000 කට වැඩි පිරිසක් රැදවුම්භාරයට ගෙන ඇති බවයි.



පකිස්තානයේ දේශසීමා ආසන්නයේ ඇති බලුකිස්තාන් පළාත යනු ටෙහ්රික්-ඊ තලිබාන් පකිස්තාන් (ටීටීපී) හෝ පකිස්ථාන තලේබාන් සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම ඇතුළු සන්නද්ධ සටන්කරුවන් ගේ ප්‍රහාරයට නිතර ලක් වූ ප්‍රදේශයකි.

මෙම මස මුලදී, එම දිස්ත්‍රික්කයේම සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

අමාත්‍ය බුග්ටි කියා සිටියේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පාකිස්තාන දේශසීමාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර  24 ක් සිදුව ඇති බවයි. එයින් අඩකට වඩා ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන සටන්කාමී ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව ඔහු චෝදනා කළේ  ය.

නොවැම්බර් 1 වනදා සිට ඇෆ්ගනිස්ථානුවන්ට පකිස්ථානයට ඇතුළු වීම සම්බන්ධව වන දැඩි සීමා කිරීම් පිළිබදව ඔහු නිවේදනය කළේය.