panadura-train-statin-head

ප්‍රවේශපත්‍ර ලබාදීම ප්‍රමාදවී යැයි උරණව පිරිසක් පහර දීමෙන් පානදුර දුම්රිය ස්ථානාධිපතිවරයකු (මෙහෙයුම්) එහි සේවකයන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.මෙම පහරදීම සම්බන්ධයෙන් පියකු සහ පුතකු අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රිය සේවකයන් පහර දීමෙන් පුතා ද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.ක

ොළඹ බලා ඒමට ඊයේ (2) පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයට ගිය පිරිසකට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇත.

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කළ අවස්ථාවේ දුම්රිය පිටත්ව ගොස් ඇති බවට චෝදනා කරමින් මෙම පහරදීම කර ඇතැයි පොලිසිය කියයි.ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් දුම්රියට නැග ගැනීමට නොහැකි වූ බව කියමින් පිය-පුතු ඇතුළු පිරිස සේවකයන් සමග මුලදී බහින් බස් වී ඇති අතර පසුව එය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ හේතුවෙන් පානදුර දුම්රිය ස්ථානයේ ඊයේ නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර සිද්ධිය පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ එහි සිටි පිය පුතු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සාගර මාවතේ පදිංචි පනස් හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ පුතකු බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට අද (03) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 ඉන්දිකා රාමනායක