pannipitiya-woman-arrested

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අලෙවි කළ 33 හැවිරිදි විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 මුදලක් සේම පැයකට 8000ක මුදලක් මෙන්ම ඇයගේ මුහුණ සමග නිරුවත පෙන්වීම සඳහා එම මුදල මෙන් දෙගුණයක් අයකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.



එම කාන්තාවගේ නිරුවතේ පහස අන්තර්ජාලය ඔස්සේ විඳ ඇති බහුතරයක් දෙනා පාසල් සිසුන් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර එය ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර මව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැයකර ඇති බව පොලිසිය සඳහන් කරයි.කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.



පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.වී.අයි. ගයශි මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන නිලධාරීන් වන ජයවර්ධන මහේෂ් කළුගල්ල, අනුපම, ලහිරු, ඩිනුශිකා හා මධුෂානි මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ