parliament-ajith-tiran-speaker

පොලිස්පතිවරයාගේ සති තුනක සේවා දිගුව අනුමත කරමින් ව්‍යවස්ථාදායක සභාව වෙත ජනාධිපතිවරයාගේ ලිපිය ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාගේ නැවත සති තුනක සේවා දිගුව ප්‍රතික්ෂේප කර තිබියදී ජනපති එම තනතුර කැඳවීම ගැටලුකාරී බව විපක්ෂය අද අදහස් දැක්වූ අතර
පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් හමුවේ උණුසුම්කාරී තත්ත්වයක් මතු විය.


එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මේ ගැන විෂය භාර ඇමති ටිරාන් අලස්ගෙන් විමසූ අවස්තාවේ ඔහු ඊට පිලිතුරු නොදී පැවසුවේ වෙලාව 10.30 බවත් මේ සඳහා පිළිතුරු දීමට වෙලාවක් නැති බවත්ය.
නමුත් කතානායකවරයා එය ප්‍රශ්නයක්නැති යයිද පිළිතුරු දී එය අවසන් කරන ලෙස දෙවරක් ඉල්ලා සිටියද විෂයභාර ඇමති පිලිතුර සභාගත කරන බව කියමින් සේවාදිගුව සම්බන්ධ නීති විරෝධී කාරණාවට උත්තර නොදී මග හැරියේය.
එය පාර්ලිමේන්තුවේ ගැටලුවක් මතු කළ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කුපිත වී ඉදිරියට ගෙන ඒමට සමත් විය.
අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් පොලිස්පතිවරයාගේ සේවා දිගුව දෙවරක් සිදුකිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දුන් බවත් ඉන්පසු ස්ථිර පොලිස්පතිවරයෙක් පත්කරන ලෙස යෝජනා කළ බවත් කීවේය.

දිගින් දිගටම පොලිස් ඇමති වරයා උත්තර නොදීම නිසා උණුසුම් තත්වය වැඩි විය.
ඒ අනුව සභාව විනාඩි 10කට කල් තැබුණි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා උණුසුම් තත්ත්වය අතරතුර සෙංකෝලය ස්පර්ශ කිරීම හේතුවෙන් කතානායකවරයා ඔහුගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති 4 ක කාලයකට අත්හිටුවන බව ප්‍රකාශ කළේය.