ව්‍යාජ ලේඛන සකස්කර ඖෂධ ගෙන්වීම පිළිබඳ විමර්ශන කටයුතු සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (12දා) දිනය වනවිට පැමිණිලි 05ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
මීට අදාළ පළමු පැමිණිල්ල පසුගිය 28වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු විසින් සිදුකර තිබෙන බවත්, ඉන්පසුව ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් ජාතික ඖෂධ නියාමන කොමිෂන් සභාවෙන් හා පුරවැසියෙකුගෙන් හා ඖෂධ නියාමන අධිකාරිය විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අනුව කූට ලේඛන සකස් කර ඖෂධ ගෙන්වීම පිළිබඳ ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙන බවත්, විමර්ශනවලින් පසු ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.
ඉමියුනොග්ලොබියුලින් (lv lg) ඖෂධය ව්‍යාජ ලේඛන සකස් කර මෙරටට ගෙන්වා තිබෙන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරන අතර, අදාළ ඖෂය නිෂ්පාදනය කළ ස්ථානයක් පිළිබඳවත් තොරතුරු නොමැති බවද එම පිරිස් පෙන්වා දෙමින් තිබේ.
ඉන්දික හේවාවිතාරණ
0 Comments