ගුවන් මගීන්ට හිසරදයක්ව පැවති ගුවන් තොටුපළ කැබ් මාෆියාව ගැන පසුගිය කාලයේ විශාල කතාබහක් ඇති විය.
ගුවන් තොටුපළ වෙත ගමන් කරන වාහන වලට විශේෂ වැඩි මිල ගණනක් යටතේ ප්‍රවාහනය සැපයීම ටැක්සි සේවා කලෙක සිට සිදු කළ දෙයකි. මෙය ඇතැම් සංචාරකයින් බහුල රටවලද Airport Drop ලෙස විශේෂ මිලකට සිදුවන්නකි.


නමුත් ගුවන් තොටුපළේ සිට රටේ කිසියම් තැනකට ටැක්සියකින් ගමන් කිරීම කාටත් පොදු මිල ගණන් යටතේ ගාස්තු අය කළ යුතුය. දෙස් විදෙස් මගීන් සියල්ලන්ගෙන්ම මේ සඳහා වැඩි මිල ගාස්තු අයකිරීමට කටුනායක ගුවන් තොටුපළේ ටැක්සි සේවා සපයන කණ්ඩායම් කටයුතු කර තිබේ. ඇතැම් විට ඉතා කෙටි දුරක් යාමට  සාමාන්‍ය මිල මෙන් තුන් හතර ගුණයකින් ගාස්තු අයකිරීමට එම ටැක්සි කන්ඩායම් කලක් තිස්සෙ කටයුතු කළ අතර ගුවන් තොටුපලෙන් පිටතට එනවිටම සල්පිලකට කැදවන්නාක් මෙන් කෑගසා අඩගසා ටැක්සි සැපයීම සිදු කෙරිණි.


මෙම මිල අසාධාරණ වුවත් ඒවාට අනුගතව වැඩි මිලක් දීමට මගීන්ට සිදුවූයේ පොදු ටැක්සි සේවාවන් ගුවන් තොටුපළ පරිශ්‍රයට ඒම වළකමින් මෙම කණ්ඩායම් මාෆියාවක් රජ කළ බැවිනි.
මෙම තත්වය නැති කිරීමට රජය ගත් තීරණය ගැන කවුරුත් ප්‍රශංසා කරති. නමුත් මේ නව ක්‍රමය සාධාරණ යයි නිගමනවලට යන්නට අපහසුය. ඇත්ත වශයෙන්ම සිදු කර ඇත්තේ, පාඩු පියවාගන්නා ක්‍රමයක් හඳුන්වා දීමයි. PickMe හා  Uber සමග
Airport Aviation සමාගම ලාබ ලැබීමට ගිවිසුමට අනුව වැඩ කිරීමය.
ගුවන් සේවා සමාගමට රු. PickMe හරහා වෙන් කරවා ගත් සෑම සවාරියකින්ම රු 700ක් ලැබෙන බව හෙලිව ඇත.  අදාළ ප්‍රදේශයේ ස්ථාන දෙකක සිට සිදු කරන කුලී රථ ගෙන්වා ගැනීම් වල ස්ක්‍රීන් ෂොට් මේ සමග පළවේ. පික්මී විසින් සිදු කර ඇත්තේ ගුවන් තොටුපළ ආවරණය වන පරිදි විශේෂයෙන් නම් කරන ලද ප්‍රදේශයක් නිර්මාණය කිරීම බව පෙනී යන අතර මෙම කලාපයෙන් ආරම්භ වන සෑම සවාරියකටම දළ වශයෙන් රු. 700ක් අනිවාර්යයෙන්ම කැපේ.


මාෆියා කරුවන්ගේ කවුන්ටරය හරහා ගියත්, ඇප් එකින් ගියත් ඔබ රටක සිට පැමිණීමෙන් පසු ඔබ ගුවන් තොටුපළෙන් PickMe කැබ් රථයක් වෙන්කරවා ගන්නේ නම්, ඔබට අමතර රු. ඔබේ සාමාන්‍ය ගාස්තුවට වඩා රුපියල් 700ක් වැයවනු ඇත.