ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය සම්බන්ධව ඉදිරිපත් කළ ප්‍රකාශය නිසා අසභ්‍ය චිත්‍රපට නිළි මියා කලීෆා Playboy වෙතින් ඉවත් කර ඇත
ඊශ්‍රායලයට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීමෙන් පසුව , ලෙබනන්-ඇමරිකානු මාධ්‍ය පෞරුෂයක් සහ හිටපු නිල් චිත්‍රපට තරුවක් වන Mia Khalifa තම නිර්මාණකරුවන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට Playboy තීරණය කර ඇත.
"අපි අද Mia Khalifa සමග Playboy ගේ සම්බන්ධය අවසන් කිරීමට අප ගත් තීරණය සම්බන්ධව ඔබව දැනුවත් කරමු. පසුගිය දින කිහිපය පුරාවට, ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාර නිසා අහිංසක පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඝාතනයට ලක් වීම සම්බන්ධව , Mia පිළිකුල් සහගත අදහස් ප්‍රකාශ කර ඇත. Playboy වන අප, නිදහස් ප්රකාශනය සහ නිර්මාණාත්මක දේශපාලන විවාදයන් අගය කරන සමාගමක් වෙමු.
නමුත් වෛරී ප්‍රකාශන සඳහා ධනාත්මක ප්‍රතිපත්තියක් අප සමාගම තුල නැත. ඇගේ වචන සහ ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක ඇති බව Mia තේරුම් ගනී යැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙන් සමාගම පරිශීලකයින්ට ඉදිරිපත් කල පණිවිඩයක සදහන් විය.
අඟහරුවාදා වන විට, කලීෆා Playboy වෙබ් අඩවියෙන් ඉවත් කර තිබුණි.
හමාස් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව X (Twitter) හි සටහනක් තබමින් කලීෆා කියා සිටියේ “ඔබට පලස්තීනයේ තත්වය දෙස බලා පලස්තීනුවන්ගේ පැත්තේ සිටගත නොහැකි නම්, ඔබ සිටින්නේ වර්ණභේදවාදයේ වැරදි පැත්තේය. සියොන්වාදී වර්ණභේදවාදී පාලන තන්ත්රය ව්‍යාජ හමක් පොරවා ගත් ගරිල්ලා සටන්කරුවන් විසින් කඩාකප්පල් කර ඇතැයි මට විශ්වාස කළ නොහැක" යනුවෙනි.
PLBY සමූහය යනු "නිෂ්පාදන, අන්තර්ගතය සහ අත්දැකීම් සමඟ පාරිභෝගිකයින් සම්බන්ධ කරන ගෝලීය සතුටු සහ විවේක සමාගමක්" ය. එහි ප්‍රමුඛතම පාරිභෝගික සන්නාමය වන Playboy හී මුද්‍රණ සංස්කරණය 2020 මාර්තු මාසයේදී අවසන් කළ අතර,
මෙම වසර මුලදී එම සගරාව , ඩිජිටල් ශාඛාවක් ලෙස නැවත දියත් කරන ලදී. එමඟින් තනි නිර්මාණකරුවන්ට පමණක් සුවිශේෂී අන්තර්ගතයන් සඳහා ප්‍රවේශය වීමට මාසික ගාස්තුවක් අය කිරීමට ඉඩ සලසයි .
Hugh Hefner නම තැනැත්තා Playboy හී නිර්මාතෘ වන අතර , ඔහු 2017 වසරේදී මිය ගියේය. PLBY සමූහය 2021 පෙබරවාරි මාසයේදී විශේෂ අරමුණු අත්පත් කර ගැනීමේ සමාගමක් (SPAC) සමඟ ඒකාබද්ධ කිරීම හරහා මහජනතාව අතරට පිවිසියේය. දැනට මෙම සමූහයේ නායකත්වය දරන්නේ, එහි ප්‍රධාන විධායක නිලධාරී Ben Kohn විසිනි.
2022 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ Khalifa සහා Playboy හවුල්කාරිත්වය පිළිබදව නිවේදනය කරමින් Kohn පැවසුවේ, Mia ගේ නිර්භීත භාවය, සෘජු සිතුවිලි ඉදිරිපත් කිරීම, ඇයගේ විනෝදජනක ප්රවේශයන් සහ ඇයගේ වෘත්තිය සැලකීමේ දී, ඇයව සමාගමට එක් කර ගැනීමට ගත් තීරණය සමාගම ගත් නිවැරදි තීරණයක් වන බවයි.
0 Comments