police-jeep-panadura

වසර 39 කට පෙර පොලිසියට ගෙන්වා තිබූ ජීප් රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ චැසි අංක යොදා නීති විරෝධීව සකස් කර ධාවනයට යොදවා තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී පෙරේදා (03) අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය පවසයි.ම

ෙම ජීප් රථය දොර තුනේ ජීප් රථයක් වශයෙන් එවකට පොලිසියට ආනයනය කර ඇති අතර භාවිතයට නුසුදුසු තත්වය හේතුවෙන් එය 1999 වසරේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම ජීප් රථය මිල දී ගත් තනැත්තා එය දොර පහේ සුඛෝපභෝගී ජීප් රථයක් වශයෙන් කූඨ ලේඛන සකස් කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියෙන් ද එය වෙනස් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. පැරැණි අංකයක් සවි කළ සුඛෝපභෝගී ජීප් රථයක් වසර 4ක කාලයක සිට බදුල්ල හා අවට ප්‍රදේශයේ සැරිසරන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා සිද්ධිය තහවුරු කිරීමෙන් පසුව එම රථය රිදීමාලියද්ද ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයා ද සමග පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.



සැකකරු බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු බව ද පොලිසිය කියයි.මෙම රථය පොලිස් වෙන්දේසියෙන් මිල දී ගත්තේ කවුද, මෙය නීති විරෝධී ලෙස වෙනස් කළේ කවුද යන්න හෙළිකර ගැනීමට විමර්ශන සිදුකරන බව ද පොලිසිය පවසයි.
 ඉන්දිකා රාමනායක