මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරින් 9 දෙනෙකුට චෝදනා පත්‍ර ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය කියයි. මේ අතර එම පැමිණිලි නොසලකා හැරිය 19 දෙනකුට අවවාද පත්‍රිකා දී ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.මෙම චෝදනා ලබා ඇති නිලධාරින් අතර පොලිස් ස්ථානාධිපතිවරුන් හා අංශ බාර
ස්ථානාධිපතිවරුන් ද සිටින බවත්, ඉදිරියේ දී ඔවුන් තනතුරු වලින් ඉවත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් නීතිඥ නිහාල් තල්දුව මහතා පැවැසීය. තවත් 23 දෙනකුට ඉදිරියේ දී චෝදනා පත්‍ර හා අවවාද පත්‍ර නිකුත් කිරීමට නියමිත බවද හෙතෙම කීය.මේ අතර පොලිස් ස්ථාන වලට මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ උපදෙස් හා චක්‍රලේඛ මත කටයුතු නොකළ සිද්ධි 125 ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇති බව ද හෙතෙම කීය.මෙම සිදුවීම්වලින් ලිපි ගොනු 84ක විමර්ශන අවසන් කර ඇති බවත්, ඉන් ගොනු 23 කට අදාළව ඉදිරියේ දී චෝදනා පත්‍ර හා අවවාද පත්‍ර නිකුත් කිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
මහජනයා අපහසුතාවට පත්වන ලෙසට කටයුතු කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු සෑම නිලධාරියකුටම එරෙහිව පරික්ෂණ පවත්වා දැඩි විනය පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවැසීය.
පොලිස් නිලධාරීන්ට එරෙහි පැමිණිලි 118 අංකයෙන් ලබාදෙන ලෙසද දන්වා ඇත.
ඉන්දිකා රාමනායක
0 Comments