pothuhera-incident

 පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි



සුජාත හිමියන්ට අයත් පොතුහැර පරබැවිල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක් තුළදීයි ඝාතනය සිදු කර ඇති බව වාර්තා වෙයි

මෙම හිමියන් ශ්‍රී  ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටියදී පසුගිය මාර්තු මාසයේදී පැවිදි දිවියට එළඹ ඇති බවට තොරතුරු අනාවරණයවී තිබේ.

ඝාතනයට ලක්වූ හිමිනම විවාහකයකු වන අතර ඔහුගේ මීට බිරිඳ වසර 25 කට පමණ පෙර මොහු හැරදමා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත

හිමිනමගේ ගෙල පෙදෙසට පිහියකින් ඇන ඝාතනය කර ඇති බවද හිමිනම සමඟ සිටි පුද්ගලයා මෙම ඝාතනයට සම්බන්ධ බවටද පොලීසිය සැක කරයි