ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් මහතා අද (22) දින අභාවප්‍රාප්ත වූයේය.
අද අළුයම ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා මියගොස් තිබේ.
මියයන විට ඒ මහතා 64 වැනි වියේ පසුවිය.
ප්‍රේමසිරි හේවාවසම් මහතා රූපලාවන්‍ය වේදය සම්බන්ධ ගුරුවරයෙකි. ජාතික තරුණ සේවා සභාව හරහා ඔහු රූපලාවන්‍ය ක්ෂේත්රයට දායාද කළ සිසුන් සංඛ්‍යාව අතිමහත්ය.
ඔහු තමන් ක්ෂෙත්රයට පිවිසි ආකාරය මෙසේ කියා තිබේ.
‘මං අහම්බෙන් මෙම ක්ෂෙත්රයට ආව කෙනෙක්. තරුණ සේවා සභාවේ මං කාලයක් හිටියා. එකේ ‘යෞවන සමාජ ව්‍යාපෘතිය‘ යටතේ වයස 22 දී තරුණ නායකත්ව පුහුණු වැඩසටහනකට අවුරුද්දකට ජපානයට ගියා. වසරක් එහි සිටියේ රටවල් 18 ක අය සමගයි. මුලදි අපට ජපන් බස ඉගැන්නුවා. මාස 4 කින් පසු ඒ ඒ රටවල් අය අතර දේවල් හුවමාරු කර ගත්තා. එහිදී අපට රැකියාවක් අවශ්‍ය වුණා. ඒ අනුව අප සියල්ලන්ට විවිධ පාඨමාලා ලබාදුන්නා.
මං රූපලාවන්‍ය තෝරගත්තෙ නැහැ. මුලින් පරිගණක පාඨමාලාවක් ඉල්ලුවෙ ඒත් ඒක වෙන අයෙකුට දීපු නිසා මට මේ ක්ෂෙත්රයට අහම්බෙන් යොමු වෙන්න සිදුවුණා. මට කාන්තාවන්ගෙ කොණ්ඩ දාන්න දුන්නා. මං කිසිදෙයක් දැනගෙන හිටියෙ නැහැ. ඒ අයගෙ උදව්වට ගිහින් මං මේක ඉගෙන ගත්තා.
නැවත ලංකාවට ඇවිත් රස්සාවක් නැතිව හිටියා.
තරුණ සේවා සභාවේම සහකාර නියෝජිතයෙක් විදිහට නැගෙනහිර පළාතෙ රස්සාවක් කළා. පස්සෙ තරුණ සේවා සභාවෙ රූපලාවන්‍ය පාඨමාලාවක් තිබුණා.
ඒකට උගන්වන අය තෝර ගන්න ඉන්ටවිව් එකින් මාව තේරුණා. ඒ විදිහට තමයි රූපලාවන්‍ය ගුරුවරයෙක් වුනේ. පසුව මං පුද්ගලිකව රූපලාවන්‍ය පාඨමාලා කරා. එහෙම තමා පටන් ගත්තෙ“
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක්ද ප්‍රේමසිරි හේවාවසම් මහතා ජයග්‍රහණය කර ඇත.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
0 Comments