qatar-maid-dies-in-plane

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර ,  ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඇය මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නැමැති 40 හැවිරිදි අවිවාහක  කාන්තාවකි .



 ඇය අද(23) අලුයම 01.17 ට  කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , එම  ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය  දී  මෙම මරණය සිදු වී තිබේ .

(ටී.කේ.ජී.කපිල )