rani-mukarji-kuch-kuch-hota-hei

රාණි මුකර්ජිගේ දක්ෂතාවන් තමා අවබෝධ කරගත්  මොහොත අධ්‍යක්ෂ කරන් ජොහාර් සිහිපත් කර තිබේ.
බොලිවුඩයේ ප්‍රවීණ සිනමා නිර්මාණවේදී කරන් ජොහාර් සිනමාවට මුල්වරට පිවිසෙමින් ෂාරුක් ඛාන්  ඛාන් සහ කාජල් ප්‍රධාන චරිත නිරූපණය කරන 'කුච් කුච් හෝතා හේ' ආදර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරද්දී රාණි මුකර්ජි සිය මංගල චිත්‍රපටයට ඇතුළත් කර බොලිවුඩය ට ගෙනා  ආකාරය සහ ඇය එහි  දැවැන්තයෙකු වීමට යන බව ඔහුට වැටහුණු මොහොත සිහිපත් කර තිබේ.
නිව් යෝර්ක් නගරයේ නිර්මාණ ශිල්පී ප්‍රබල් ගුරුන්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, කරන් රාණි පිළිබද මෙම කතාව පවසා ඇත.එහිදී හැමෝම තමන්ව බැහැ කිව්ව බව කරන් හෙළි කලේය.එය ට්වින්කල් ඛන්නාගෙන් ආරම්භ වූ අතර ඔහු ඇය වෙනුවෙන් චරිතය ලිවීය.


නමුත් ඇයට එම කොටස දැනුනේ නැත, පසුව ඔහු තවත් නිළියන් කිහිප දෙනෙකු වෙත ගියේය, ඔවුන් සියල්ලෝම ඔහුට බෑ යැයි පැවසූහ.
තවදුරටත් විස්තර කරමින්, චිත්‍රපට නිෂ්පාදකයා වැඩිදුරටත් පැවසුවේ, තමාට රාණි මුකර්ජි ගැන පවසා ඇයව හමුවන ලෙස තමාගෙන් ඉල්ලා සිටියේ ආදිත්‍ය චොප්රා බවයි. ඔහු රාණිගේ ස්ථානයට ගොස් චිත්‍රපටය විස්තර කළ බවත්, තීරණය කිරීමට දිනක් ගත වන බව රාණි ඔහුට පැවසූ බවත් කරන් පැවසීය.
තරුවක් වීමට යන කරන් පැවසුවේ ඔවුන් ඒ වනවිට 'කොයි මිල් ගයා' ගීතය රූගත කරමින් සිටි බවත්, එහි සිටියේ ෂාරුක්, කාජල් සහ රාණි බවත්ය. ගීතය පෙරහුරු කළේ රාණි පමණක් බවත් ඔහු පැවසීය.සිදුවීමේදී  ඔවුන් රූගත කිරීම් කරන අතර, රූගතකිරීම අවසානයේ  කාජල් සහ ෂාරුක් රාණි දෙස බැලූ බවත් කාජල් ඇයට පැවසුවේ ඇය යම්කිසි වැරැද්දක් කරන බවත්ය. ඒ වෙලාවේ මයික් එකෙන් ෆාරා කිව්වා, 'එයා විතරයි ඒක හරියට කරන්නේ, ඔයාලා ඔක්කොම වැරදියට කරනවා' කියලා. ඒ මොහොතේම රාණි පිළිබද ඔහුගේ හිතේ විශ්වාසය උපත ලැබු බව ඔහු සදහන් කළේය.