ranil-cut-out-baticaloa

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර් වල සිය ඡයාරූප ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මඩකලපුවේ පැවති රැස්වීමකදී ඉල්ලීමක් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා තිබේ.


මඩකලපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට ජනපතිවරයා අද සහභාගී වන්නට පෙරාතුව එම නගරය පුරා විශාල ප්‍රමාණයේ කටවුව් ඉදිකර "රනිල් වෙනුවෙන් අපි 2024" යනුවෙන් සටහන් කර ප්‍රදර්ශනය කර තිබූ අතර


ඒවා නිර්මාණය වූයේ ජනපතිවරයා දැනුවත්වද නැද්ද යන්න පැහැදිලි නැත.

‘අද අවශ්‍යව ඇත්තේ ජනතා අවශ්‍යතා ඉටු කිරීම මිස සටන්පාඨ දේශපාලනය නොවන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටවුට් සහ සටන්පාඨ දේශපාලනය රට අගාධයට ඇද දැමූ බව‘ ද පවසා තිබෙයි.

මඩකලපුවේ පැවැති වැඩසටහන් කිහිපයකට ජනාධිපතිරවරයා ඊයේ සහ අද දිනයේදී සහභාගී වූ අතර ඔහුට හිතවාදී දෙමළ හා මුස්ලිම් දේශපාලන කණ්ඩායම් මේවා සංවිධානය කර තිබුණි.
ත්‍රීකුණාමලය නගරය සංවර්ධනය ඇතුළු නැගෙනහිර පළාතේ කෘෂි නවීකරණය සහ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.