richard-roundtree-died

 එක්සත් ජනපද හොලිවුඩ් නළු රිචඩ් රවුන්ඩ්ට්‍රී වයස අවුරුදු 81 දී මිය ගියේය.‘ෂාෆ්ට්‘ චිත්‍රපටයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ මෙම නළුවා අග්න්‍යාශයේ හට ගත් පිළිකාවක් නිසා පීඩා විඳි අතර අඟහරුවාදා පස්වරුවේ පවුලේ අය සමඟ ලොස් ඇන්ජලීස් හි ඇති නිවසේ සිටියදී මියගිය බව කළමනාකරු පැට්‍රික් මැක්මින් පැවසීය.


1942 ජූලි 9 වන දින නිව් යෝර්ක් නගරයේ නිව් රොෂෙල් හි උපත ලද රවුන්ඩ්ට්‍රී සිය රංගන ජීවිතය ආරම්භ කළේ 1960 දශකයේ මුල් භාගයේදී ය.
වයස අවුරුදු 29 දී ඔහු තරුවක් බවට පත් කළ රහස් පරීක්ෂක ජෝන් ෂාෆ්ට්ගේ චරිතය සමඟින් ඔහු පෙරළිකාර නළුවෙකු බවට පත් විය.
වීර කළු චරිත කේන්ද්‍ර කර ගත් ක්‍රියාදාම චිත්‍රපට ඇතුළත් ප්‍රභේදයක් වන බ්ලැක්ස්ප්ලොයිටේෂන් චිත්‍රපට ලෙස හැඳින්වූ පළමු චිත්‍රපට අතර එය විය.

Inchon සහ Seven චිත්‍රපට මෙන්ම Roots, The Fresh Prince of Bel-Air, Desperate Housewives යන රූපවාහිනී කතාමාලා ඇතුළු චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා රැසක ද රවුන්ඩ්ට්‍රී පෙනී සිටියේය.

රවුන්ඩ්ට්‍රී 1993 දී තමාට පිළිකාවක් ඇති බව හඳුනාගෙන තිබුණි.
ඔහු දියණියන් හතර දෙනෙකුගේ හා පුතෙකුගේ පියෙක් වන අතර, මිය යන විට ඔහුට එක් මුනුබුරෙකු ද විය.