රොටුඹ පොලිස් වසමේ රොටුඹ ,තල්ගස්තැන්න, බිසෝ ඇල්ල  අසල නිවෙසක තිබි අබිරහස් ලෙස මිය ගොස් සිටි 77 හැවිරිදි එක් දරු මවකගේ සිරුර පෙරේදා 9 වැනිදා සොයාගත් බව රොටඹ පොලීසිය කියයි.මිය ගොස් ඇත්තේ රාවුන්, තල්ගස්තැන්න, බිසෝ ඇල්ල අසල පදිංචි හෙට්ටි ගමගේ, සෝමාවතී නමැත්තියක බව පොලිසිය කියයි. මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පෙරේදා 9 වැනිද සවස යලිංගමුව හදිසි මරණ පරීක්ෂක සී.එස්. සූරියබණ්ඩාර මහතා විසින් පවත්වනු ලැබීය.මල සිරුර හඳුනා ගැනීමට නොහැකි අන්දමින් නරක්ව තිබීම හේතුවෙන් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහල් විශේෂඥ ආධිකරණ වෛද්‍යවරයාට කිරිමට පොලිසියට නියෝග කළේය.



මෙම නිවෙස අසල පිහිටි ඉඩමේ කුරුඳු කැපීමට පෙරේද 9 වැනිදා උදේ පැමිණි අයකුට නිවෙස තුළින් දුගඳක් පිටවීම නිසා ඒ පිළිබඳව නිවෙස් පදිංව සිටින අයග් පනාකඩුව ප්‍රදේශයේ සිටින ඥාතියකුට දුරකතන ඇමැතුඹක් මඟින් දැනුම් දී ඔහු පැමිණ යරයා බැලීමේදී නිවෙස තුළින් අධික දුගඳක් පිටවීම හා මැස්සන් ගැවැගසනු දැක රාවුඹ පොලිසියට දන්වා ඇත.ඒ අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාලිය මහතා ඇ. එ. නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සදරේ අගුල කඩා හිඩස පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ මුළුතැන්ගේ දොර අසල බිම දමා තිබූ රබර් පාපිස්ස යට තිබි යතුරක් හමු වී එයින් මුළුතැන්ගේ දොර විවෘත කර බැලීමේදී එහි මේසය මත නිවෙසේ යතුර හා මියගිය කාන්තාවගේ වැඩිහිටි හැඳුනුම්පත තිබී සොයාගෙන තිබුණි.

මුළුතැන්ගේ මේසය සිය තිය සොයාගන් යතුරෙන් නිවයස් සදාර විවෘත කල් බැලීමේදී ඉදිරිපස කාමරයේ ඇඳ මත අධික ලෙස නරක් වූ මළ සිරුරක් සොයා ගැනුණි.

මිය ගොස් සිටින්නේ නිවසේ සිටි සිය ඥාතිවරිය බවටත් ඇය නිවසේ ජීවත් වුයේ දියණිය සමග බවළු ඤාතීන් විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව ඇය සමග සිටි දියණියට සිදු වුයේ කුමක්දැයි අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. මීට වසර හයකට පෙර ස්වාමි පුරුෂයා මිය යාමෙන් පසු මළ සිරුර හමු වූ නිවසේ සිට ඇත්තේ මව හා ඇයගේ 40 හැවිරිදි දියණිය පමණක් බවත් ඔව රෝගීව සිටි බවත් ඒ සඳහා ඇය දීර්ඝ කාලයක සිටි ප්‍රතිකාර ලබාගන්නා බවටත් දියණිය ද රෝගී බවට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

නිවසේ සිටි මව මියගොස් සිටියදී දියණියට සිදු වුයේ කුමක්ද යන්නයන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවටත් පොලිසිය කියයි.මව සමග සිටි දියණිය පසුගිය 7 වැනිදා දහවල් නිවස ආසන්නයේ වෙළෙඳසලකට ගොස් ව්‍යාපාරිකයාගෙන් රුපියල් පන්සීයක මුදලක් ඉල්ලා ඇතත් ව්‍යපාරිකයා මුදල් ලබා දී නොමැති බවත් එදින සිටි ඇය නොදුටු බවටත් ප්‍රදේශවාසීන් පොලිසියට පවසා ඇත.මළ සිරුර හමුවන අවස්ථාව වන විටත් අධික ලෙස නරක්ව ඇති අතර මීට දින දහයකට සදොළහකට පමණ පෙර කාන්තාව බිය යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.මෙම මරණය ඝාතනයක් ද එසේ නොමැතිව රෝගය උත්සන්න විමෙන් හෝ වෙනත් රෝගයකින් මිය ගියා ද යන්න පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව අනාවරණය වනු ඇතැයි පොලිසිය පැවැසිය.‍

  ඩී.ඒ. පතිරණ