අද දින රාගම පැවති ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී පැය භාගයකට ආසන්න ස්තූති කථාවක් කළ ජැක්සන් පුතු සජිත ඇන්තනී මහතා විශේෂ කරුනු කිහිපයක් මතක් කළේය.
එහිදී සජිත ඇන්තනී මහතා තම ආදරණීය පියාණන් පිළිබඳ මෙසේ පැවසීය.
“මට මතකයි අපේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇත්තටම ඒ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිදුවුණා. මගේ අප්පච්චි අපි අනතුර වෙලා රෝහල්ගතකරනකොට තියෙන තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධන වෙන හැටි දැක්කා.
දකුණු අත විතරයි මුලින් හෙළෙව්වේ. පස්සේ වම් අත හොලවන්න ගත්තා. පස්සේ කකුල් හොලවන්න ගත්තා. අපි ගිහිල්ලා සින්දු කියනකොට අත්වලින් නටන්නත් පටන්ගත්තා. ICU වන් හි තාත්තාව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්යමණ්ඩලය අනේ ඒ අයට බොහෝමත්ම ස්තූතියි.
මම යම් විදියකට කල්පනා කළා මගේ අප්පච්චිට හුස්ම දෙන ඒ මැෂින් එක දිහා බලාගෙන මැෂින් එකක් මිලදීගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා. මැෂින් එකක් මිලදීගත්තා. ඒකට උදව් කරපු සියලුදෙනාට ස්තූතියි. ඥාතීන් තමයි අපිට උදව් කළේ. අපේ අප්පචිචි අන්තිම හුස්ම හෙලනකල් හුස්ම ගත්තේ අපි හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින්.
මේ වෙනකොට ඒ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති.
සමහරු කිව්වා පිරමීඩ ඇතුලෙ මමියක් වගේ තියන් හිටියා කියලා.
දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් අපේ අප්පච්චි රෝහල් ගත වෙලා හිටියේ නෑ!
අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු Ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියේ, දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10,15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි මේ දක්වා ඒ ගැන නොකියා හිටියේ පින් කරලා අඬබෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා“
0 Comments