බොලිවුඩ් නළු සල්මන් ඛාන්, ඔහුගේ ඉදිරි චිත්‍රපටිය වන Tiger 3 සඳහා සූදානම් වෙමින් සිටින අතර සෙනසුරාදා පැවති ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයට පෙර චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩවල නිරතවූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔහු Star Sports නාලිකාවේ පූර්ව වැඩසටහන අලංකාර කිරීමට හවුල් විය . සල්මාන් කළු සහ සුදු ඇඳුමින් පෙනී සිටි අතර ඔහුගේ Tiger 3 චිත්‍රපටිය ගැන ද විවෘත කතා කළේය.ටයිගර් 3 පළමු චිත්‍රපට දෙකට වඩා දස ගුණයකින් ක්‍රියාදාමයන්ගෙන් සමන්විත වනු ඇතැයි ඔහු පැවසීය.
සල්මන් ඉන්දියන් ක්‍රීඩකයින් ඉදිරියට ගොස් දිරිමත් කළ අතර . “පූර්ණ විශ්වාසයකින් ක්‍රීඩා කරන්න” යැයි පැවසීය. පසුගියදා ඩෙංගු රෝගයෙන් සුවය ලැබූ ශුබ්මන් ගිල් වෙනුවෙන් සල්මාන් විශේෂ පණිවිඩයක්ද ලබාදී තිබුණි . ඔහු පැවසුවේ, “ශුබ්මන් ක්‍රීඩා කළ යුතුයි. මම කිසී කි භායි කිසි කා ජාන් චිත්‍රපටයේ උච්චතම අවස්ථාව රූගත කළේ මට කොවිඩ් සහ ඩෙංගු යන දෙකම ඇති වූ විටයි. ඔහුත් එදා මම වගේම තරුණයි. මම හිතන්නේ ඔහු ක්‍රීඩා කළ යුතුයි.” යනුවෙනි.
චිත්රාගාරයට පැමිණ සිටි හර්බජන් සිං පැවසුවේ “ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් පවතින විට #ViratKohli ක්‍රීඩාංගනයේ සල්මන් ඛාන් බවට පත්වන බවයි.
0 Comments