සෞදි අරාබියේ රියාද් නුවර ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන ගොතටුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි නයනා දිල්රුක්ෂි (45) නමැති ශ්‍රී ලාංකික කාන්තාවක ඇයට සිදුවූ දරුණු හිරිහැර සම්බන්ධයෙන් විස්තර කිරීමක් කර තිබේ.
ගෘහ සේවය සදහා සෞදි නිවසකට ගොස් සිටි ඇය එම නිවසේ බාල දරුවෙකුට නිසි ලෙස ආහාර ලබා නොදුන් සිද්ධියක් මුල් කරගෙන සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම මේ වසර මුලදී පෙබරවාරි 8 වැනිදා ශ්‍රී ලංකාවෙන් රියාද් බලා පිටත්ව ගිය දිල්රුක්ෂිට මාසයකට ආසන්න කාලයකට පසු එනම් මාර්තු 7 වැනි දින සිදුව ඇත.
බරපතළ පිළිස්සුම් තුවාල සිදුකිරීමෙන් පසු
ඇයව ළඟම ඇති රෝහල වෙත ගෙන යන ලද අතර, එහිදී මාස හතකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් පසුවන්නට සිදුව තිබේ.
ඇයට සිදුවූ හිරිහැරය සම්බන්ධ කිසිදු පියවරක් මේ කාලය තුළ සිදුව නැත. බලධාරීන් ඇය වැඩි දෙනෙකු නොයන පාළුවට ගිය නාඳුනන ස්ථානයක කඳවුරකට ගෙන ගිය බව ඇය පවසයි.
ෙ
අමානුෂික ලෙස පහරදී ශරීරයට පෙට්‍රල් විසිකර ගිනිතබන අවස්ථාවේ ඉන් බේරීමට ඇය කෑගසා තිබුණත් ඉන් ඵලක් වී නොමැති අතර පසුව පසුව නිවෙස්හිමියා එම ගින්න නිවා දමා ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහලකට යොමු තිබුණි.
මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බවත් සෞදියේ රෝහලක ප්‍රතිකාර ලබා පසුව එරට පොලීසියේ මැදිහත්වීමෙන් තමන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවද ඇය පවසයි.
මේ වනවිට දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත් වන බැවින් ඉතා ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය අයැද සිටියි.
ඇය කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක සහාය ඇතිව සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් තිබූ අතර ඔවුන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ එරට තානාපති කාර්යාලය ඇයට උදව් කළේ නැතැයි ඇය චෝදනා කරයි.රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ස්ථාන මාරු කිරීමෙන් පසු දෙවතාවක් ඇය බැලීමට පැමිණි නමුත් උදව් නොකළ බවත් තම ඉරණම කුමක් වේද යන්න පිළිබඳව අනපේක්ෂිතව සිටින බවත් දිල්රුක්ෂි ප්‍රකාශ කළාය.
0 Comments