shriyantha-mendis-jackson-anthony

ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ පාසල් කාලයේ මිතුරා රංගධර නිවේදක සාහිත්‍ය විශ්ලේෂක ජැක්සන් ඇන්තනි ගැන ඔහු සිය මතකය අවදි කරමින් යූටියුබ් නාලිකාවක් ඔස්සේ අදහස් දක්වා තිබේ.
දිවයින ඔන්ලයින් ඔස්සේ ඔහු මෙසේ කියයි.

“පාන්දර තුනයි හතළිහට ආපු පණිවුඩය. මාව කම්පනයට පත් කළා. ඒ කම්පනයට පත් කරන්න හේතු කාරණා වන්නේ මාත් එක්ක ඉතිහාසගත මේ ගමන ආපු මිතුරාගේ වියෝව සනිටුහන් වීමත් සමඟ. කෙනෙක් පිළිබඳව වීයෝවක් සනිටුහන් වුණාම අතීත ස්මරණයන් නැවත නැවත මතක් වීම සාමාන්ය පුරුද්දක්.
ඔහුව හම්බ වෙන්නේ අපි 70 දශකයේ අවසාන කාර්තුවේදී වගේ අපි ඔක්කොම එතකොට ආධුනිකයෝ අපි අපේ කලා ලෝකේ කොයි ඉසව්වට ද යා යුත්තේ කියන  මාවත තෝරා ගන්නට වෙහෙස වෙච්ච යුගයක්.

 එතකොට මම මගේ ගම් පළාත රාගම අමරම්පිටිය කියන ප්රදේශයේ ජැක්සන් පොඩිවීකුඹුර කියන ප්රදේශයේ අපි දෙගොල්ලොම  එක ගමේ මිනිස්සු. නමුත් මම කඳාන ද මැසනඩ් විද්යාලයේ ඉගෙනුම ලබනවා. ඔහුව ගලහිටියාව මධ්ය මහා විද්යාලයේ ඉගෙනුම ලැබුවා.



ඔහු රාගම ස්ටේෂන් එකේ දුම්රිය නැවතුම්පළේ තුන්වැනි වේදිකාවේ ඉන්න මම හතරවෙනි වේදිකාවෙන් ගියේ. ඔහු වටේට ළමයි ගෑණු ළමයි ගොඩක් ඉන්නවා ඔහු ගියේ මධ්ය මහා විද්යාලයකට. මේ මිශ්‍ර පාසලකට. මට එහෙම කවුරුත් නෑ. මගේ එක පිරිමි පාසලක්.

ඒක නිසාම මම ටිකක් මේ පුද්ගලයා දිහා බලනවා. බලනවා මේ ගෑණු ළමයි වටකරගෙන විවිධ දේ කතා කරමින් අතපය හසුරුවමින් කතා කරනකොට .දැන් මෙන්න මෙහෙම ලබා කාලාන්තරයක් ගෙවීගෙන යනකොට.

අසූවේ  විතර. ගම්පහ දිස්ත්රික්ක. නාට්ය උත්සවයක් තිබුණා. සංස්කෘතික අමාත්යාංශය මෙහෙය වු  ප්රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ඒක නිර්මාණය කළේ. මේකේ ජැක්සන්ලා නාට්යයක් හදලා ගෙනල්ලා තිබ්බා ලෝදිය කියලා අපිත් නාට්යයක් හදලා ගෙනල්ලා තිබුණා දේශසීමා කියලා.
 ගම්පහ බණ්ඩාරනායක මහා විද්යාලයේ තිබුණේ ..අපි ඩ්රෙසින් රූම් එකක හිටියා. අපේ මේකප්. අංග රචනා ශිල්පියා ආවේ නැහැ. ඒ ගොල්ලන්ට බෙරයක් නෑ. අපිට බෙරයක් තියෙනවා. ඒගොල්ලන් අංග රචනා ශිල්පියෙක් ඉන්නවා. ඇහුවා මේක දැන් පැරණි ක්රමයට හුවමාරු කරගන්න ඒකට එකඟ වෙලා  වාචික ගේ එකඟතාවයකට ගිහිල්ලා ඒ ගොල්ලෝ අංග රචනා ශිල්පියා වූ එව්වේ ජැක්සන් ඇන්තනි මයි  ඊළඟට අනිත් පැත්තට අපේ බෙරේ යැව්වා  ඒගොල්ලො බෙරේ ගහල නාට්ය කලා අපි අංග රචනා කරගෙන අපේ නාට්ය කළා. ජැක්සන්ලා 1 උනා අපි 2 වුණා හොඳම නළුවා වුණා හොඳම සහාය නළුවා වුණා මේ සම්මාන ටික බෙදිලා ගියා.

එදින සවස් වරුව සුන්දර සවස් වරුවක්. මොකද  පලවෙනියට අපේ මිතුදම ඇතිවුණා. පසුව අත්වැල බවට පත්වෙන්නේ එදා ඉඳලා. අපි දෙගොල්ලන්ගේම අපි දෙගොල්ලොම එකතුවෙලා එක කණ්ඩායමක් හැටියට එතන ඉඳලා මේ සාමාජීය ගමන එන්ඩ හුරුවුණා.

 අපි මහා ධනපති මිනිස්සු නෙවෙයි. අපි පහළ මධ්යම පාන්තික දෙමව්පියන්ගේ දරුවෝ. මමයි ජැක්සනුයි මහා කට්ටක් කෑව මේ ගමනට මහා දුරක් එන්න. අපි ඇවිදගෙන ගිය මාවත මේ මල් මාවතක් නෙමේ. කවුරුහරි හිතනවා නම් ඕගොල්ලො ඇවිල්ල තියෙන්නෙ හරි සුවපහසු මාවතක කියලා එහෙම නෑ. අපි ආවේ රළු පරළු මාවත් ඔස්සේ මේ වගේ කලාකරුවන්ට ඇතුල් වෙන දොරටු තිබුණෙත් නෑ.
 අපි දුක් වින්ද බොහොම.. පොලිසියෙන් ගුටි කෑවා. රිමාන්ඩ් එකේ හිටියා  රස්තියාදු වුණා බස්ටෑන්ඩ් වල බුදියගත්තා. කවුරුත් දන්නෙත් නෑ මෙව්වා. එක දවසක් ජැක්සන් මට කිව්වා මචං මේ මේ පන්නරය තමයි වැදගත් වෙන්නේ කියලා



පසුව අපි කොළඹ ඇවිල්ලා නාට්ය පාඨමාලාවක් හදාරනවා. මම ජයන්ත චන්ද්රසිරි කමල් අද්දරආරච්චි, මහේන්ද්ර පෙරේරා, ජැක්සන් ඇන්තනි. අපි ඔක්කොම එක පරම්පරාවක්.
 අද වුණත් ඔහුගේ වියෝව ආරංචි හැටි අපේ පරම්පරාව එකතු වුණා. අපේ කණ්ඩායම එකතු වුණා. එකතුවෙලා මේක ගැන අපි කතා බහ කළා. නමුත් මොනවා කළත් මේ හිඩැස පුරවන්න නම් කිසි කෙනෙකු නැත. කොහෙත්ම නැහැ. ජැක්සන් ඇන්තනී කෙනෙක් ඉන්නෙ එක්කෙනයි. ඒ කෙනා දැන් අපිට අහිමි වෙලා තියෙන්නේ ඉතින්.

 යම්කිසි අවාසනාවකට හදිසි අනතුරකට මුහුණ දුන්නා. මං හිතන්නේ තවත් කාලයක් අපිත් එක්ක ඉන්න ඕන කෙනෙක් මේ අකාලයේ මිලින වෙන්නේ.

අපි කවදාවත් ඔහුගේ ඇකඩමි ෆීලින් එක කළේ නැහැ. ඔහුගේ අධ්යාපන ක්රියාවලිය ඉගෙන ගත්තේ නෑ.  මම මේ අලුත් පරම්පරාවට ආරාධනා කරනවා පුළුවන්නම් ඔහුව ස්ටඩි කරන්න ඔහුගේ අතේ මේ වනවිට සම්මාන පනස් දෙකක් තියෙනවා. සම්මාන පනස් දෙකක් ගත්තු කිසිකෙනෙක් ලාංකීය සමාජයේ නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා.

මම වැරදි නම් ඒක නිවැරදි කරන්න මං හිතන්නේ ක්ෂේත්රයන් හැම එකකම දැන් රංගධරයෙක් පමණක් නෙවෙයි ඔහු රංගධරයා.  සම්මාන අරන් තියෙනවා ටෙලිනාට්ය අධ්යක්ෂවරයෙක් හැටියට දේශ ගවේෂකයෙක් හැටියට නිවේදකයෙක් හැටියට ගායකයෙක් හැටියට විවිධ ක්ෂේත්රයන් විශාල ප්රමාණයක් විසිරී පැතිරී  හැඩයක් ඔහුට තිබුණා.

 ඔහු ඒ හැම එකකින්ම ජයග්රහණය කරා ගමන් කරලා තිබුණා. ඒක නිසාම මං හිතන්නේ ය ඔහු ක්ෂේත්රයන් ගණනාවක් පුළුල් ක්ෂේත්රයන් ගණනාවක් එක්ක ගණුදෙනු කරපු මහා තැනැත්තෙක්. අපේ නඩේ ගුරා වූ බොහෝ අවස්ථාවලදී අපිට යම් යම් දේ හිර වුණාම අපි යම් යම් දේ දැන කියා ගන්න අවශ්යනම් ජැක්සන්ට කතාකරේ කතාකරපු මොහු හරියට නිවැරදි පිළිතුර හොඳ යහපත් ගුරුවරයෙක් හැටියට කියා දෙනවා.

ඒක නිසාම මං හිතන්නේ ඔහු අපේ පරම්පරාවේත් ගුරුවරයා කිව්වොත් කවුරුත් මා එක්ක තරහා වෙන එකක්. නැහැ. කෙසේ වෙතත් කීවා සේම. ඔහු මීට මාස පහළොවකට ඉස්සර හදිසි අනතුරකට භාජනය වෙනවා. ඒත් නිර්මාණ කටයුත්තක් කරලා එන ගමන් . ඊට පස්සේ මාස පහළොවක් ඔහු රෝගීව ගිලන්ව ප්රතිකාර ලබන නමුත් අවාසනාව ඔහු කරා ඇවිත් ඔහු අප අතරින් වියෝ වෙනවා.

අපිට විතරක් නෙමෙයි තව ඉස්සරහට අපේ සමස්ත කලා ලෝකයටම මේ වියෝව බලපාවි කියලා අප විශ්වාස කරනවා. ඒ වගේම තමයි දැන් මේ අනතුර සිදු වෙන්නෙත්. ඔහු ජීවිත කාලෙ පුරාවටම පාවිච්චි කරපු ඔහුගේ කැබ් රථය. එක තැනක මම දැක්කා ඔහු කියනවා මේ මගේ දරුවෙක් මේ මගේ තවත් එක දරුවෙක්. ‘මැණිකේ‘ කියලා කියනවා ඒකට.  එච්චරට තමන් ගමන් කරන රථයට පවා ආදරේ කරන කෙනෙක්. ඒ මනුෂ්යත්වය මං හිතන්නේ සමාජයේ ඉන්න ගොඩක් අයට මග හැරුනු කෙනෙක්.

ඔහු ගත්ත පළවෙනි වාහනේ හැටියට  ඕක ගත්තෙ. මං හිතන්නේ ඔව් 96 විතර ගත්ත වාහනයක්. ඉතින් ඒක තමයි ඔහු දිගටම පාවිච්චි කළේ. සමහර  වෙලාවල ඔහුට වාහන 3 හතරක් තිබුණා. ඒ අරකද මේකද කිව්වට ඉතිං අර මං හිතන්නේ ගඟ දිගේ යන්න ප්රෝග්රෑම් එකට මේ අනුග්රාහකත්වය දැක්වූ  වාහන සහිත ආහාර ආයතනයක් ඒ ගොල්ලෝ ඒ කාලයට පදින වාහනයක් දීලා තිබුණා.

මං ජීවිත කාලෙම පාවිච්චි කරපු සහ මගේ තියෙන එකම සම්පත මේ රථය.  ඒකට දරුවෙක්ට වගේ  සැලකුවා. නමුත් අවාසනාව කියන්නේ ඒ ඔය  සිද්ධවෙච්ච හදිසි අනතුරත් ඒ වාහනේ දීමයි ඔහුට වුණේ. ඔහු ඒක පදවාගෙන ආවා. නමුත් අවාසනාවට අලියෙක් වැදුනා අලියා වැටුණා. ඊට පස්සේ ආයේ නැගිට්ටා එහෙම කතා කියනවා. නමුත් කෙසේ වෙතත්  මේ සියලු කතා අස්සේ. ඔහු අප හැර ගොසින්.

මුල් කාලේදී  තිබුණ ටෙලි නාට්‍ය පළවෙනි එක දිමුතු මුතු දෙවැනියට ළාහිරු දහසක් තුන් වැනි එක පළිඟු මැණිකේ. මේ සඳහා මාව තෝරා ගැනීම පිළිබඳ පුවත අරගෙන එන්නෙ ජැක්සන්.
මං මුලදි බැහැ කිව්වා. ඒ දවස්වල අපි දෙන්න එක කාමරේ හිටියේ.
 ලංකාවේ විවිධ රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙහි හිටියා. ඒකෙ අය මේ වනවිට වයෝවෘද්ධ වෙලා ඉන්නවා.
අපි මෙක ගැන දන් නැහැ. ධම්ම ජාගොඩ මහත්තයා හමුවෙලා ඇහුවා මේ අලුත් කලාව ගැන.
 මේක මේ ටෙලි නාට්ය විෂය අපි දන්නේ නෑ. කොහොමද මේ කෙසේ රඟපාන්නේ. අපි අපි වේදිකාවේ රඟ පපා හිටපු අය ජැක්සන් මට හොඳ සහයකයෙක් වුණා මේකට.

ඔහු පිළිබඳව මතකය. අලුත් කරන්න ගියොතින් බොහොම වේදනාකාරීයි.



මොකද ඔහු බොහෝ නින්දා අපහාසවලටත් ලක් වෙච්ච කෙනෙක්. පහුගිය කාලය පුරාවටම.. ඔහු යම්කිසි සමාජ ආර්ථික, දේශපාලන වැඩකටයුතු එක්ක ගනුදෙනු කළේ. යහපත් සමාජයක් සඳහා


පාන්දර ඉඳලාම අපේ මුහුණු පොත සරසන්නේ ඔහුගෙන්. දැන් කලාකරුවන් ද සාමාන්ය ජනතාව ද ඔහුට ආදරේ කරන්නන් ද ඔහුත් එක්ක වැඩ කටයුතු කරපු අය ද ඔහුගේ ඉගෙන ගත්තු අය ද විවිධ අය මේක සරසනවා. මොකද සරසන්නේ ඔහුට බැනලා නෙවෙයි.
 විශිෂ්ටයාණනි රංගධරයානෙණි  දැවැන්තයාණනි  එහෙම නම් වලින් අමතන්නෙ.
ඔහු මේ සමාජයට යම්කිසි දෙයක් කරා විශ්වාසය මත කවුරුත් ඒක කියන්නෙ.
අපිත් ඔහු ගුරුවරයෙක් හැටියට කතා කළා. රංග ශිල්පියෙක් හැටියට කතා කළා. ඔහුව දේශ ගවේෂකයෙක් හැටියට කතා කළා. නිවේදකයෙක් හැටියට කතා කළා. ගායකයෙක් හැටියට කතා කළා පද රචකයෙක් හැටියට කතා කළා ටෙලිනාට්ය අධ්යක්ෂවරයෙකු, චිත්රපට අධ්යක්ෂවරයෙක් හැටියට.
  මේ මේ සියලු දෙනා හැටියට ඔහු සමාජගත කාරණාවේ එකට හිටිය. අපි සිංහලේ මහා වංශ කතා ගැන දැනගත්තා සමහර දේ ඔහු කිය තුරු  කවුරුත් දැනගෙන හිටියේ නෑනේ. දකුණු අප්රිකාවේ  තොරතුරු අපට කියලා දුන්නා  කළු ගඟ දිගේ ගියා. මේ හැම එකකින්ම ඔහු අපිට පාඩමක් කියලා දුන්නා.

 අපේ දැනුම වර්ධනය කරන්න කියලා දුන්නු හොඳ ගුරුවරයෙක්.

ඔහු අපෙන් සදහටම සමුගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වියෝව  වචන වලට පෙරලන්න අමාරුයි .. මොකද ඔහු අපට කවදාවත් අමතක නොවන මතකයන් රැසක් ඉතුරු කරලයි යන්නේ. මේ සංසාර බවේ ඔය රූපකායෙන් ඔහු අපට ආයෙ ජීවිතේ කවදාවත් හම්බ වෙන්නේ නැත. ඔහුගේ දැනුම් සම්භාරය අපට ආයෙ කවදාවත් අපිට ලැබෙන්නේ නැත. අපට එක දෙයක් කියන්න හැකියි. ඒ පණිවිඩය නොආවා නම් කොපමණ හොඳද කියලා මට හිතෙනවා. නමුත් කෙසේ වෙතත් ජීවිතයේ කියලා කියන්නේ යෑම් සහ ඊම්.
ඒක නිසාම මගේ මිත්රයාට. සංසාරේ ආයෙත් නැවත උපදින්න කියලා නම් කියන්නෙ නෑ. ඔහු මේ තරම් මහා දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරලත් ඔහු විඳපු නින්දා අපහාස පරිභව නැවත විඳින්න ඕන වෙන්නේ නැහැ. මගේ මිත්ර ජැක්සන් ඇන්තනී ඔබට නිවන් සුව අත්වේවා. “