social-media-act

"මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව" පිළිබඳව පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒම පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කර තිබේ.

අදාළ පාර්ශ්වයන් සමග කිසිදු සංවාදයකයින් තොරව මෙම කෙටුම්පත ශ්‍රී ලංකා රජය විසින් ෛදිරිපත් ඇති බවත් එමගින් ජනතාවට විරෝධය පලකිරීමට ඇති අවස්ථාව අහිමිකරන බවද ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය විසින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කොට ඇති මෙම පනත් කෙටුම්පත ලාංකිකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම විරෝධය පලකිරීමට ඇති අවස්ථාව ද අහිමිකරන කෲර නීතියක් බවද ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කර ඇත.

ගූගල්, මෙටා, ඇමසන්, ඇපල්, එක්ස්පීඩියා ගෲප්, ට්විටර්, යාහූ, ලයින්, ගෝටෝ, ලින්කඩ් ඉන් ඇතුළු ප්‍රබල සමාගම් රැසක් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයට ඇතුළත් වේ.