somaratne-dissanayake-jackson-sajitha

පසුගියදා පැවැත්වූ ජැක්සන් ඇන්තනි කලාකරුගේ අවමංගල උත්සවයේදී පවුලේ අය වෙනුවෙන් එකම ස්තූති කතාව කළ ජැක්සන් බාල පුතු සජිත අනුත්තර කියූ ඇතැම් දේ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කරන ලදි.
අලියාගේ පහරදීමෙන් පසු රෝහලට ජැක්සන් භාරදුන්නා යයි කී සෝමරත්න දිසානායක වෙනුවට සජිත ස්තූති කළේ නාඳුනන ‘ප්‍රියන්ත‘ කෙනෙකුටය. ස්තූති කතාවේ කොතැනවත් සොමරත්න දිසානායකගේ නම නොතිබිණි.
ජැක්සන්ගේ අනතුර සිදුවූ ස්ථානයේ සිට අනුරාධපුර රෝහලට හා පසුව කොළඹ රෝහලට ගෙන ඒම දක්වා සෝමරත්න හා රේණුකා යුවළ කළ කාර්යභාරය කිසි තැනක සඳහන් නොවිණි.
හොඳට කථාකරමින් සිටි  ජැක්සන් එක්වරම සිහි නැතිවීම ගැන වෛද්‍යවරුන් පැහැදිලි කළ යුතු බවට සෝමරත්න අධ්‍යක්ෂවරයා මින් පෙර කර තිබූ ප්‍රකාශය හා එම සැකයට අදාළ කිසිවක්ද සජිතගේ කතාවෙන් කරුණු පළ නොවීය.
මේ අනුව ජැක්සන් ඇන්තනි මහතා අනතුරට ලක්වූ අවස්ථාව ගැන පවුලේ අය කරන විස්තරය හා එතැන සිටි අය කරන විස්තරය අතර යම් පරස්පරයක් මතුව තිබේ. සමාජ මාධ්‍ය තුළ මේ ගැන සාකච්ඡා ඇති විය.
ඊයේ (17) අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් ‘ස්තූතියි ප්‍රියන්ත- සෝමේ කියයි‘ ලෙස ඔහුගේ යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රචාරය කර තිබේ.
එහිදී ඔහු මෙසේ කියයි.

‘ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අව මංගල දිනයේදී සජිත අනුත්තර පුතා විසින් කරන ලද ස්තුති කථාවේ සඳහන් වුණු සමහර කරුණු ගැන සමාජයේ කිසියම් පැටලිල්ලක් කැළඹීමක් විමසීමක් තියෙන වග මට දැනුණේ මගේ කරන විමසීම්වලින් සහ සමාජ මාධ්‍ය ජාලාවල යන ප්‍රවෘත්තිවලින් .



මොකක් හරි ලොකු පැටලිල්ලක් අවුලක් තියෙනවා. ඒ නිසා මම මුලින් හිතුවා ඒ තරමට ගණන් ගන්න දෙයක් නෙවෙයි මම ගණන් ගත්තෙත් නෑ. ඇත්තටම ඒක මහ විශාල දෙයක් නෙමෙයි. මොකද ස්තූති කතාවක නම කියවා ගන්න බලාගෙන නෙවෙයි මම ජැක්සන් වෙනුවෙන් වැඩ කළේ
ඔහු මගේ කොච්චර සමීපද මට කොච්චර හිතවත්ද අපේ රටට කොච්චර හිතවත්ද ඔහුගේ වටිනාකම දැනගෙන ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි හැම දෙයක්ම  ඒ මොහොතේ ඉටු කළා.

නමුත් මේ අවස්ථාවේදී සමාජයේ කිසියම් විමසීමක් පැටලීමක් තියෙන නිසා හුඟ දෙනෙක් මගෙන් ඉල්ලා සිටියා කිසියම් පැහැදිලි කිරීමක් කරන්න මේක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඇත්තටම මොකක්ද උනේ කියල මගෙන් සමහර අය අහනවා. ප්‍රියන්ත කියලා නමකුත් තියෙනවද? ප්‍රියන්ත කියන නමිනුත් සෝමරත්න දිසානායක හැඳින්වෙන්නේද කියලා එහෙම එකක් නැහැ. අනිත් එක තවත් සමහර අයට හිතෙනවා එහෙමනම් සෝමරත්න දිසානායක බොරු කියනවද සෝමරත්න දිසානායක මේ කලින් ජැක්සන් ඇන්තනී ගේ අනතුරෙන් පස්සේ රෝහල් ගත කළා කිව්වා.
ඔහුගේ වාහනය අරන් ගියා කියලා කියපුවා අසත්ය ප්‍රකාශයක් ද කියන මේ විදියේ පැටලිලි ගොඩක් තියෙන නිසා මම හිතුවා ඇත්තටම සිදුවුණේ මොකක්ද කියන එක සියලු දෙනාටම දැන ගැනීම සඳහා මේ විදිහට ප්‍රකාශයක් කරන්න ඕන කියල...

 එදා රූගත කිරීම් කරලා ජැක්සන් සහ ඔහුගේ සහෝදරයා සමන් සහ ඔහුගේ සහායකයා ඉරේෂ් මේ තුන්දෙනා ජැක්සන්ගේ වාහනේ පිටත් වුණා. අපිට කලින් ඔහුට සුළු වේලාවකට පස්සේ තමයි මම පිටත් වුණේ. මොකද අපි නැවතිලා හිටිය එකම හෝටලයක ජැක්සන්ට උවමනාව තිබුණා එදා හැන්දෑවේ අපිත් සමඟ සාකච්ඡා කරන්න මුල දී රූගත කිරීම් ගැන ඔහු බොහොම පැහැදීමකින් හිටපු නිසා..

 ඒ යන අතරතුරේ තමයි මග දී  තලාව ප්‍රදේශයේදී ඉදිරියේ තියෙන රිය අනතුරක් හෝ කිසියම් මාර්ග බාධකයක් දැකලා අපි වාහන නවත්තලා ඉස්සරහට යනකොට තමයි අපි දැක්කේ. ජැක්සන්ගේ වාහනේ කැඩිලා තියෙනවා ඉන්පසු ජැක්සන් කෝ කියල බැලුවම ජැක්සන් පාර අයිනේ පැත්තක නිදිකරවල හිටියා. මම ජැක්සන් ළඟට ගිහිල්ලා කතා කළා ජැක්සන් කියල ඔහු පළවෙනි අවස්ථාවේ කතාකළේ නැහැ උඩ බලාගෙන නිරුත්තරව හිටියා. නමුත් මම මගේ වාහනය ගේන්න කියලා ජැක්සන් රෝහලට ගෙනියන්න පුළුවන් වුණා ඉක්මනට කරන්න ඕන වාහනේ එන අතරතුරේ මම ජැක්සන්ට නැවත කතා කිරීමේදී ජැක්සන් මාත් එක්ක කතා කළා ‘සෝමෙ මට අමාරුයි මගේ බෙල්ල රිදෙනවා‘ කියලා කිව්වා මම දැන ගත්තා ජැක්සන්ට බරපතල තුවාල තියෙනවා කියලා.



හරි නම් ඒ වෙලාවේ ජැක්සන් උස්සන්න ඕන යටින් ලෑල්ලක් තියලා මම වෛද්‍ය වෘත්තිකයෙක් සාමාන්‍ය ප්‍රථමාධාර ක්‍රම ගැන මට අවබෝධයක් තියෙනවා. නමුත් ලෑල්ලක් වැනි ඒ වෙලාවේ අපිට හොයාගන්න තිබුණු අපහසුව නිසා අවට ඉන්න පිරිස එකතු කරගෙන මගේ තැන දහ දෙනෙක් විතර අපි වටේට මම කිව්ව හැම කෙනාටම අල්ලන්න කියල කෙලින් අල්ලගෙන අපි වාහනයට ගෙනියමු කියලා මම බෙල්ලෙන් අල්ලා ගත්තේ බෙල්ල හෙල්ලෙන් නැතුව කෙළින් අල්ලගෙන අපිට පුළුවන් තරමින් පරිස්සමට වාහනේ පස්සේ සීට් එකේ තියාගෙන තමයි අනුරාධපුර රෝහලට කෙළින්ම ගියේ. ඒ මොහොත වෙනකොටත් රේණුකා දැනගෙන හිටියා මේ අනතුර සිදු වෙනවා කියලා. මොකද ඉරේෂ් ජැක්සන්ගේ සහායකයා රේණුකට කතා කරලා තිබුණා නිසා රේණු අපි යනකොටත් අපි ඉස්පිරිතාලෙට යනකොටත් වෛද්‍යවරු දැනුවත් කරලා

 ඒ සෞඛ්ය කාර්ය මණ්ඩලය දැනුවත් කරලා හිටපු නිසා ඔවුන් සූදානමින් හිටියා. අපි යන මොහොතේදීත් අපි කෙළින්ම ගියේ හදිසි අනතුරු සේවයට වෛද්යවරුන් පුළුවන් තරම් ඉක්මනට ජැක්සන්ව පරීක්ෂා කරලා ඔවුනුත් දැනගත්තා. තුවාල බරපතළයි කියලා අවශ්ය ප්රථමාධාර ඒ මොහොතේම පටන් ගත්තා. මම වෛද්ය වෘත්තිකයෙක් නිසාත් මම රෝහලේ වැඩ කරලා තියෙන නිසා බව හොඳටම දන්නවා. ඒ වගේ අවස්ථාවකදී මොනවද සිද්ධ වෙන්න ඕනෙ කාටද කතා කරන්න ඕන මොනවද අවශ්ය වන සෞඛ්ය අවශ්යතාවයන් කියලා දන්න නිසාම මම අවශ්ය වෛද්යවරුන් හොයාගෙන ගියා. කවුද ඉන්නේ විශේෂඥ වෛද්යවරු කවුද හදිසි අනතුරු සේවය භාරව ඉන්න වෛද්යවරු කවුද ඒ හැම කෙනෙක්ම මම පුද්ගලිකව හම්බවුනා විශේෂඥ වෛද්යවරයෙක් එතන නොසිටි ඒ වෙලාවේ හදිසියේ කැඳවන්නේ දත්ත සිද්ධ වුණා.


ඒ වගේම තමා මම දැනගෙන හිටියා. විකිරණ එක්ස් රේ එකක් සහ සීටී ස්කෑන් එකක් අවශ්යයි කියලා බෙල්ලේ අමාරුව මොකක්ද කියන එක තීරණය කිරීමට මම කෙලින්ම එක්ස්රේ කාමරයට ගියා. කවුද වෙලාවට රාජකාරි ඉන්නේ කියලා බලන්න මම හිතනවා මේ වෙලාව රෑ 10 පහු වෙලා තියෙන්න ඇති හරියටම වෙලාව කියන්න මම බයයි මොකද වෙලාවේ විනාඩි ගානක් වෙනස් නැත්තේම ආපහු සමාජ මාධ්ය ජාලා කියන්න පුළුවන් සෝමරත්න දිසානායක බොරු කියනවා කෑලි කපල එඩිට් කරලා දාන්න පුළුවන්ද? එහෙම එකක් වෙලා තියෙනවා මෙතන මං කියපු එකක් බොරුවක් කියලා එඩිට් කරලා දාලා තියෙනවනේ. මට වෙලාව හරියට මතක නෑ. මම ඊට පස්සේ එක්ස්රේ කාමරේට ගිහිල්ල බලනකොට ඒ අවස්ථාවේ රාජකාරි හිටපු එක්කෙනා රාජකාරි ඉවර වෙලා ගෙදර ..මං ඔහුට දුරකථනයෙන් අමතලා අඩ ගැහුවා මේක මගේ ස්ටාෆ් එක දන්නවා.

මොකද මම වැඩ කළේ එක්ස් රේ අංශය නිසා ඔහු කැඳවා මෙම හදිසි කාරණයක් තියෙනව කියලා ගෙන්න ගත්තා. ඔහු ඇවිල්ලා තමයි සී ටී ස්කෑන් එක  කළේ සී ටී ස්කෑන් එක කළාට පස්සේ අපි දැනගත්තා ජැක්සන්ගේ බෙල්ලේ මේ කශේරුකාවල විසන්ධිවීමක් තියෙන බව. හයවැනි සහ හත්වැනි ඇට අතරේ විසන්ධියක් තියෙනවා. එකෙන් ස්නායු පද්ධතියට බලපානවා කියලා දැනගත්තු නිසාම අපි දන්නවා හොඳටම තුවාල බරපතළයි කියලා. මේ අවස්ථාවේ මම දොස්තරලා හොයන්නයි එක්ස් රේ කාමරයේ ටයි සිටි කාමරයේ ටයි මම ඉවක් බවක් නැතුව දුවනවා මිස මට වුවමනාවක් තිබුණේ නෑ ජැක්සන්ගේ ලියාපදිංචි කරන තැනට ගිහිල්ලා මගේ නම මොකක්ද මේ වුනේ? මොකක්ද වුන වාහනයද ආවේ වාහනේ නොම්මරේ මොකක්ද මේ විස්තර දෙන්න මම කාලය නාස්ති කළේ නෑ. ඇත්තටම ඒවා කවුරු කලත් මම දන්නෙත් නෑ.

ඒ නිසා අර ලියාපදිංචි කරන එකේ ඉස්පිරිතාලෙට නම් දෙන පොතේ ‘ප්‍රියන්ත‘ කියලා නමක් භාරකාරයා හැටියට ලියවෙලා තියෙනවා කියලා සජිත් කිව්වා ඉතින් ප්‍රියන්ත කෙනෙක් කෙනෙක් ගැන අපි දන්නේ නෑ සමහර වෙලාවට අපේ චිත්‍රපට කණ්ඩායමේ හිටපු සේවකයෙක් ද එහෙම නැත්නම් රෝහලේ හිටපු සේවකයෙක් ද කවුද මම දන්නේ නෑ. කොහොම වුණත් සජිත ඔහුට ස්තුති කළා නේ නම දාපු හින්දා භාරකාරයා හැටියට ඒක හොඳයි. ඔහුට මමත් ස්තුති කරනවා නම දාපු එක ගැන ඊට පස්සේ තමයි අපි දැනගත්තේ ජැක්සන්ගේ ඒ තත්වය අපි හිතුවටත් වැඩිය අමාරුයි කියලා මොකද ඒ මොහොත වෙනකොටත් ඔහුගේ පෙනහළු වලින් පිටත වාතය පිරෙමින් තිබුණා.

මේක ඉතාම භයානක තත්ත්වයක් පෙනහළු ලෙන් පිටට වාතය පිරිලා පෙනහල්ල ක්‍රමයෙන් හැකිලෙන රෝගී තත් ඉතාම භයානක තත්වයක්. එකෙන් පෙනහල්ලට පිරෙන වාතය පෙනහළු ඉන් පිට පිරිලා අර බැලුන් එකක් වගේ පෙනහළු ඇකිලෙන්න පටන් ගන්නවා. ඒක විනාඩි ගානක් ඇතුලත පෙනහැලි ඇකිළුනා උනා නම් හුස්ම නැවතිලා ඔක්සිජන් නැවතිලා රෝගියෙක් නැතිවෙන්න  පුළුවන්. මට රෝහලේ වෛද්යවරු කිව්වා තව විනාඩි දහයක් පරක්කු වෙලා ආවනම් අපිට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා මට ස්තුති කළා. ඇත්තටම මම ඇතුළු අපේ කණ්ඩායමට රෝගියා හැකි ඉක්මනට රෝහලට ගෙනාවට රෝගියාගේ ජීවිතය මේ තාක් කල් හරි බේරුනේ ඒ හේතුව නිසා කියලා. ඊට පස්සේ තියෙන තත්වය නිසා රෝහලේ වෛද්යවරුම අපිට කිව්වා මාත් එක්ක කතා කරලා කිව්වා

 මේකට ශල්යකර්මයක්  අවශ්යයි. ඒ නිසා අපේ රෝහලට වඩා කොළඹ මහ රෝහලට ගෙනියන්න පුලුවන්ද පුළුවන්නම් ඒක හොඳයි කියලා එයාලම යෝජනා කරනකොට අපි කිසිම පැකිලීමකින් තොරව කිව්වා ඒක හොඳයි කියලා ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරනවා නම් අපි ඒක කරමු කියලා. ඊට පස්සේ අපි වෙහෙසුණේ කොළඹ මහ රෝහල සමඟ සම්බන්ධ වන්න.

 කොළඹ මහ රෝහලට කතා කරලා ඒ ගොල්ලන්ට දැනුම්දීලා කොළඹ මහ රෝහලේ ඉන්න වෛද්යවරයෙකුට කතා කරලා ඒ කටයුතු සූදානම් කරලා කොහොමද යන්නේ කියන එක අපි කතා කරන කොට මේ වන කොට රේණුකා ඇවිල්ලා හිටියා.  රේණු කතා කළා ආරක්ෂක ලේකම්තුමාට ගුවන් හමුදාපතිතුමාට සහ අදාළ නිලධාරීන්ට කතා කරලා අපිට හෙලිකොප්ටරයකින් ගෙනියන්න පුළුවන්ද බැලුවා.
සමහර පුද්ගලික හෙලිකොප්ටර් එකකට හරි මුදල් ගෙවලා පුළුවන් තරම් ඉක්මනට ජැක්සන්ව කොළඹ යැවීම කියන උත්සාහය තමයි අපි දැරුවේ පුද්ගලික හෙලිකොප්ටර් තිබුණේ නෑ. ඒ නිසා අපිට සිද්ධ වුණේ ගුවන් හමුදාවට කතාකරන්න ගුවන් හමුදාපතිතුමාට කතා කරලා ආරක්ෂක ලේකම්තුමාටත් කතාකළා. ජනරාල් කමල් ගුණරත්න එතුමාගේ අනුමැතිය ලැබුණු එතුමා අනුමැතිය දීලා ගුවන් හමුදාපතිට අවසර දුන්නට පස්සේ ගුවන් හමුදාපති කියා සිටියා. ඒ කාලගුණික තත්ත්ව සහ රාත්රිය නිසා හෙලිකොප්ටර් යානයක් ගුවන්ගත කරන්න බෑ. හෙට එලිය වැටුනාම පළවෙනි ආලෝකයත් සමඟ නම් හෙලිකොප්ටරයක් යන්න පුළුවන් කියලා.

නමුත් මේ අවස්ථාව මං හිතන්නෙ එකොළහට දොළහට විතර ඇති. තව ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. ඊට කලින් ඇම්බියුලන්ස් එකේ යන්ඩ පුළුවන් නිසාත් ඇම්බියුලන්ස් එකෙන් ගෙනියන එක ආරක්ෂාකාරී නිසාත් අපි තීරණය කළේ වෛද්යවරුන්ගේ උපදෙස් මත අපි ඇම්බියුලන්ස් එකකින් කොළඹ රෝහලට ගෙන එනවා කියලා.


ඒ අනුව වෛද්යවරයෙක් හෙද කණ්ඩායමක් සමඟ අවශ්ය උපකරණ සමඟ ජැක්සන් පරිස්සමට ඇම්බියුලන්ස් එකට දාගෙන කොළඹ බලා පිටත් වුනා. මම මගේ සහායකයකු සමඟ ඒ වාහනේ පිටිපස්සෙන් ආවා රේණු නැවතුනා අනුරාධපුර රෝහලේ මොකද තව රෝගීන් දෙන්නෙක් හිටියා. ජැක්සන්ගේ සහෝදරයා සමන් ෙ ඇත්තටම අපි හිතුවේ ජැක්සන්ට වඩා අමාරුයි කියල. මොකද ඔහුගේ මුහුණ පුරාම ලේ තිබුන ලේ වලින් වැහිලා තිබුණා. සමන්ට ඒ මොහොත වෙනකොට සිහිය තිබුණෙත් නෑ. ජැක්සන්ට සිහිය තිබුණා. ඒ නිසා තවත් රෝගියෙක් හිටියා ඉරේෂ් ජැක්සන්ගේ සහායකයා ඔහුගේ මුහුණ පුරා ලේ තිබුණා. ඔවුන් බලන්නත් කවුරුහරි අපේ කණ්ඩායමේ කෙනෙක් ඉන්න ඕන හින්දා රේණු නැවතුනා කොළඹ අපි ආවා කොළඹ එනකොට‍ෙ මම හිතනවා හතරත් පහත් අතර වගේ පාන්දර වෙන්න ඇති කියල අවශ්ය වෛද්යවරු ඒ වෙනකොටත් ඇවිල්ලා හිටියා.

ස්නායු රෝග පිළිබඳ ශල්ය වෛද්ය විශේෂඥ ඩොක්ටර් සංජීව ගරුසිංහ වෛද්යතුමා මම කතාකලා .ඔහුගේ නමට තමයි අනුරාධපුර රෝහලේ  ටිකට් එකේ ලියලා තිබුනේ. ලෙඩාගේ තත්ත්වය කියලා පැහැදිලි කරලා
..එතුමා ඔපරේෂන් එක සඳහා ලෙඩා පරීක්ෂා කිරීමෙන් පසුව ශල්යකර්ම පුළුවන් තරම් ඉක්මනට කරමු කියලා කිව්වා. එදාම උදේ මේ ඔපරේෂන් එක කරන්න සියල්ල සූදානම් කරගෙන හිටියේ. අපිත් බලා හිටියේ ඒ මොහොතේම එදාම උදේ ශල්යකර්මය කරයි කියල මේ මොහොත වෙනකොට ලෙඩා බාර දුන්නට පස්සේ මම හුඟක් වෙලා රැඳිලා හිටිය නෑ.



 මොකද  මගේ යුතුකම තමයි ගිහිල්ලා අනෙක් රෝගීන් බලන එක  නිසා අපි කෙලින්ම මගේ ඇසිස්ටන් ලත් එක්කලා මම අනුරාධපුරේ ගියා බලන්න අනුරාධපුර යනකොට සමන් එතකොටත් හිටියේ අනුරාධපුර රෝහලේ අයි සී යූ එකේ ඔහුට සිහිය තිබුණේ නැහැ වෛද්යවරු සමග කතා කරපු හැම කිව්වේ ඔහුගේත් මේ අස්ථි බන්ධනයක් ට්රැක්ටර් එකක් තියෙනවා මේ මැන්ඩි බෙල් කියන බෝඩ් එකේ මේ හකු ඇටේ ඒකට ඔපරේශන් එකක් ඕන කියලා
සමහර බේත් අවශය වෙලා රේණු මං හිතන්නෙ එදා රෑ අනුරාධපුරයේම පුරා ඇවිදලා තියෙනවා අපේ කණ්ඩායමක් එක්කලා මොකක්ද බේතක් ඉන්ජෙක්ෂන් එකක් අවශ්ය වෙලා ෆාමසි වලට තට්ටු කර කර ඇර ලා තමයි ඒ බේත හොයලා තියෙන්නේ.


 රේණු එදා රෑ එළිවෙනකම්ම කොහොම හරි ඒකත් හොයලා ගෙනල්ලා දීලා තියෙනවා. ඊට පස්සේ  සමන්ගේ තත්වය බලලා ඔවුන් අවශ්ය ප්රතිකර්මවලට සූදානම් වුණාට පස්සේ වෛද්යවරුන් කතා කළාට පස්සෙ මම ආපහු ආවා. කොළඹ මේ එන අතරේ මම ඩොක්ටර් සංජීව ගරුසිංහ එක්ක කතා කරමින් තමයි ආවේ. මොකද එදා උදේ ඔපරේෂන් එක කරන්න සංජීව සූදානමින් හිටියට ඔපරේෂන් එක කරලා නැහැ.
එදා උදේ වෙනත් වෛද්යවරු දෙන්නෙක් එක්ක කියලා තියෙනවා ඊට පසුවදා ඔපරේෂන් එක කරනවයි කියලා.
 ඒ ගැන දවසක් ප්රමාද කරලා ඊට පස්සේ මම දැනගෙන හිටියා.. ඇත්තටම මේකට නියුරෝ සර්ජන් කෙනෙක් අවශ්යයි මේක ස්නායුවලට කෙලින්ම සම්බන්ධ ඔපරේෂන් එකක් නිසා මම ඩොක්ටර් සංජීව ගෙන් ඉල්ලා සිටියා. ඔබතුමත් මෙම ප්රශ්නයට සම්බන්ධ වෙනවාද කියලා.

 එතකොට එයා කිව්වේ? ඔව් මමත් සම්බන්ධ වෙනවා. හෙට උදේ ඔපරේෂන් එකට අර අස්ථි විශේෂඥයෙකුට පිරික්සන්න කෙනෙක් සමඟ නියුරෝ කෙනෙකුත් එකතුවෙලා කරන එකට කියලා.
ඔපරේෂන් එක කරන්න එහෙම තමයි කිව්වෙ. එදා අපි බලාගෙන හිටියා. පහුවදාට ඩොක්ටර් සංජීව ගරුසිංහ සමඟ ඒ අනෙකුත් විශේෂඥ ශල්ය වෛද්යවරයා මේ ඔපරේෂන් එක කරයි කියලා එදා උදේම ඩොක්ටර් ගරුසිංහ රෝහලට ඇවිල්ලා සූදානමින් ඇඳුම් ඇඳගෙන සුදානමින් බලාගෙන ඉඳලා තියෙනවා. ඔපරේෂන් එකට ඔහුට කතා කරයි කියල තියටර් එකට මොන හේතුවක් නිසා හරි ඩොක්ටර් සංජීව ගුරුසිංහට ඔපරේෂන් එකට ඒ අවස්ථාවේදී ඇතුලට කතා කරලා නැහැ. ඔහු නැතුව තමයි ඔපරේෂන් එක සිද්ධ වෙලා තියෙන්නේ. අනෙක් වෛද්ය කණ්ඩායමක් සමඟ මෙතනදී අපි දන්නේ නැහැ ඇත්තටම වෛද්යවරු කවුද කරන්නේ කාටද මේ හැකියාව තියෙන්නේ කවුද මේ ඔපරේෂන් එක කළ යුත්තේ කියල අපිට තියෙන සාමාන්ය දැනුම අනුව නම් මේක අස්ථිවලට සහ ස්නායුවලට සම්බන්ධ ආබාධයක් නිසා මේකට අස්ථි විශේෂඥයෙක් සහ ස්නායු විශේෂඥයෙක් දෙන්නෙක් එකතුවෙලා කරන්න ඕනේ.

ශල්යකර්මයක් කොහොම හරි කමක් නෑ ඔපරේෂන් එක සිද්ධ වුණා. ඒක හොඳින් සිද්ධ වුණා නම් අපිට එච්චරයි ඕන කවුද කරන්නේ මොකක් කවුද කළේ නම තියෙන්නේ කියන එක නෙවෙයි අපිට අවශ්ය අපේ රෝගියා සුවපත් කිරීම සඳහා කළ යුතු හොඳම දේ. මොකක්ද ඒ දේ වෙනවා නම් අපිට එච්චරයි ඕනේ අපි බලාගෙන හිටපු විදිහටම බලාගෙන හිතුවටත් වැඩිය ඉක්මනට ජැක්සන්ට යළි ප්රකෘති සිහිය ලැබුණා. ඇත්තටම ඔපරේෂන් එකක් කළාට පස්සේ ඕනම කෙනෙක් පලවෙනි අදියර තමයි සනීප වෙනවාද කියලා බලන්න ආපහු සිහිය එන්න ඕනද සිහි නැති කරලා ඔපරේෂන් එකක් කරන්න ආපහු සිහිය එනවා කියන්නේ යළි සුවපත් වීමේ පළවැනි අදියර එක තමයි.


ඉතිං අපි ඔක්කොටම ලොකු සැනසුම් සුසුමක් වුණා ජැක්සන් අපි හිතුවටත් වඩා ඉක්මනට ප්රකෘති සිහිය ලබලා සිහිකල්පනාවෙන් අපි දිහා බලලා අපිට එක්ක කතාබහ කරලා අදහස් හුවමාරුකර ගැනීමේ තත්ත්වයකට ජැක්සන් පත්වුණා. එහෙම අපි හිටියා එහෙම ඉන්නකොට තමයි අපි බලාගෙන හිටියේ  තව අඩු ගානේ සති ගානකින් මාස ගානකින් හරි සුවපත් වෙලා සාමාන්ය තත්වය කෙසේ වෙතත්  සාමාන්ය කටයුතු කරගෙන යන තත්වයට හරි ජැක්සන් පත් වෙයි කියන බලාපොරොත්තුව අපි හැමදෙනාගේම තිබුණා. නමුත් අවාසනාව කියන්නේ අපිට විශ්වාස කරන්න බැරි දේ තමයි. ඊට ටික දිනකට පසු මං හරියට දවස් ගාන කියන්න මතක නැහැ මොකද  දැන් අවුරුදු ගානකට අවුරුද්දකට වැඩි කාලයකට කලින් වෙච්ච දෙයක් නනිසා.. ඊට දින ගණනකට පසුව එකපාරටම ජැක්සන්ට සිහි නැතුව ගියා.

 මම හිටියේ නෑ ඒ වෙලාවේ මට ආරංචි උනා සිහිය ගියා හුස්ම ගන්නේ නැතුව හිටියා ඊට පස්සේ තමයි එයාට  මැෂින් එකට හයි කරලා මැෂින් එකෙන් හුස්ම ගන්න පටන් ගත්තේ කියලා.
කරුණු විමසීමේ දී අපට දැනගන්න ලැබුණු කරුණක් තමයි උගුරෙන් බටයක් දාන එකට කියල හුස්ම ගැනීම පහසු කිරීම සඳහා රෝගියෙකුට ශ්වාසනාලය විදලා ෂෝට් කට් එකක් හදනවා පෙනහල්ලට.
ඒක සාමාන්ය හුස්ම ගැනීමේ අමාරුවක් තියෙන කෙනෙකුට හුස්ම ගැනීම පහසු වෙන්න කරන ඔපරේෂන් එකක්. ඒක කිරීමට විනාඩි හතලිස් ගානක් විතර ගතවෙලා තියෙනවා. එතකොට ඒ අතරතුරේදී තමයි ජැක්සන්ට සිහිනැතුව හෘදය වස්තුව නැවතිලා තියෙන්නේ.

හාට් ඇටෑක් එකක් ඇවිල්ල තියෙන්නේ. ඊට පස්සේ කට්ටියක් මසාජ් එකකින් සි පි ආර්. එකින් තමයි නැවත ඔහුට ප්රතිජීවක. දීලා ඊට පස්සෙ මැෂින් එකට හයි කරලා තියෙන්නේ. එතකොට අපි දන්න විදිහට මොළයේ ක්රියාකාරිත්වය සඳහා මොලයට ඔක්සිජන් නැතිව විනාඩි 7 අටකට වැඩිය ඉන්න බැහැ. මොළයට ඔක්සිජන් ඇති මොළය අක්රීය වෙනවා. එතකොට අපිට අපැහැදිලි දේවල් තමා ජැක්සන් ඔක්සිජන් නැතුව කොපමණ වේලාවක් හිටියද අර නැවත යළි සිහි ගැන්වීමේ දී හාට් මසාජ් එක දීමේදී මොනතරම් දුරට ඔපරේෂන් එක කරපු තැනට ඩැමේජ් එකක් වුණාද? මේ දේවල් අපි දන්නේ නැහැ ඇත්තටම මේවා තමයි අපි වෛද්යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට පැහැදිලි කරන්න අපිට අයිතියක් තියෙනවා. ජැක්සන් ගේ පවුලේ අයට ජැක්සන් ගැන අයිතියක් තියෙනවා වගේම ජැක්සන් අපේ ජාතික වස්තුවක් රටේ සාමාන්ය පුරවැසියෙකුට අයිතියක් තියෙනවා.

ජැක්සන් වෙනුවෙන් කතාකරලා ජැක්සන්ට මොකද උනේ කියන එක දැනගන්න. ඒ නිසාම තමයි ඊට පස්සේ මම වරින් වර කිව්වම මාධ්යයටත් කිව්වේ  එදා සිද්ධ වුණේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න

 මේ හොඳට සිහිය ආපු සිහිය ඇවිල්ලා කතා කර කර හිටපු මාත් එක්ක කතා කළා මගෙන් සිංහබාහු චිත්රපටයට මොකද වෙන්නේ කියලත් ඇහුවා. ඔහු මේ වගේ අර ජැක්සන්ගේ සුපුරුදු මටසිලුටු පැහැදිලි කටහඬින් නෙමෙයි. නමුත් ඔහු යම්කිසි මට්ටමකින් මමත් එක්ක සන්නිවේදනය කරා. පවුලේ අයත් එක්කත් කතා කළා. ජැක්සන් කතා කළා සමහර දේවල් එයා ලියලා කොළ කෑල්ලකින්  එහෙම අදහස් හුවමාරු කරගත්තා.

ඇත්තටම ජැක්සන් එක වරක් මගෙන් විමසුව චිත්රපටය වැඩවලට මොකද වෙන්නේ කියලා මම ජැක්සන්ට කිව්වේ මම ජැකාට කතාකරන්නේ ජැකා කියලා ජැකා චිත්රපටය ගැන හිතන්න එපා උඹ සනීප වෙලා වරෙන් උඹ සනීප වෙලා එනකම් මම චිත්රපටයේ වැඩ නවත්තලා තියෙන්නේ චිත්රපටයට කවදත් කරන්න පුළුවන් සනීප වෙන එක තමයි අපිට ඊළඟ බලාපොරොත්තුව. ඊට පස්සෙ අපි මේ ගැන කතා කරමු කියන කොට ජැක්සන්ගේ ඇස්වලින් කඳුළු ආවා. ඉතින් ඇත්තටම ඒ විදියේ තත්වයක හිටිය අපි බලාපොරොත්තු තියා හිටියා. ජැක්සන් සුවපත් වෙලා අපිත් එක්ක අඩු ගානේ මාස ගානකින් හරි අපිත් එක්ක නැවත එකතු වෙයි කියලා ජැක්සන්ට මේ විදිහේ අවසානයක් අපි බලාපොරොත්තු වුනේ නෑ.


අනික මේ හදිසි අනතුර මේ විදියේ මරණීය තුවාලයක් නොවන වගත් ෙමගේ විශ්වාසයක් තිබුණා.
 එතකොට අපිට තියෙන ප්රශ්නෙ තමයි ඇයි ජැක්සන්ට මේ විදිහේ අසාධ්ය තත්වයකට මුහුණ පාන්න සිද්ධ වුණේ සිහිය එමින් සුවපත් වෙමින් හිටපු ජැක්සන්ට හදිසියේ මොකද හුස්ම ගැනීමේ අපහසුව ඇවිල්ලා මැෂින් එකට හයි කරන තත්වයට පත් වුණේ කියන දේ. මේ දේවල්වලට අපි නෙවෙයි උත්තර දෙන්න ඕන‍ෙ අදාළ වෛද්යවරුන් පිළිතුරු දිය යුතුයි. ඔවුන්ගේ නිහඬතාවය අපිට ප්රශ්නයක්. මාධ්යයෙනුත් ප්රශ්න කරනවා මැෂින් එකේ හිටියයි කියන එක සමහරුන්ට ප්රශ්නයක්. නමුත් ඒ ගැන මම ප්රශ්න කරන්නේ නැහැ. ජැක්සන් යළි සුවපත් වෙනවා කියන බලාපොරොත්තුවේ සේයාවක් වත් සංකාවක් තිබුණා නම් ජැක්සන් අවුරුදු දහයක් හරි ඉඳලා හරි කමක් නැහැ. යළි සුවපත් වෙලා එනවා නම් අපි බලාගෙන ඉන්න ජැක්සන් එනකම්. ඒක සාධාරණයි. මොකද ජැක්සන් කියන්නේ අසාමාන්ය චරිතයක්.


ජැක්සන් කියන්නේ සාමාන්ය චරිතයක් නෙමෙයි අසාමාන්ය චරිතයකට අසාමාන්ය සැලකිල්ලක් දුන්නට කමක් නෑ. ඒ නිසා ජැක්සන් මැෂින් එකේ හිටපු දින ගණන මට ප්රශ්නයක් නෙමෙයි.

අවමංගල දිනයේදී සජිත පුතා කරපු ස්තූති කථාව ගැන සමාජයේ නොයෙකුත් මත කතා බහට ලක්වෙලා තියෙන කාරණයක්. බොහෝදෙනෙක් සජිත පුතාට දොස් කියනවා ඔහුගේ කතාවේ වැරදි ගැන මතක් කරනවා. මම නම් කියන්නේ කිසි කෙනෙකුට එහෙම හිතන්න එපා ඒ ගැන මම අහිතක් හිතන්නෙ නෑ.
මගේ නම මතක් කලේ නෑ කියන එක ප්රශ්නයක් නෙවෙයි. සජිත් හිටපු සංවේදී. අවස්ථාවක් එක්ක ඒ ඔහුට තිබුණු තමාගේ පියාගේ අවමංගල දිනය කියන්නෙ දරුවෙකුට සාමාන්ය දිනයක් නෙවෙයි. ඒ නිසා ඔහු හිටපු මානසික තත්වය අනුව ඔහු අතින් නොකිව යුතු දේවල් කියවෙන්න ඇති කියවිය යුතු දේවල් නොකිය වෙන්න ඇති. එවුන් නිසා ඔහු දරුවෙක්. ඔහු තාම ඒ තරම් මෝරා ගිය චරිතයක් නොවේ.

ඔවුනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම සලකන්නේ සජිත මගේ දරුවෙක් හැටියට ජැක්සන් මත් කියලා තියෙනවා ජැක්සන් ජීවවිද්යාත්මක පියා. නමුත් පුතාලා දෙන්නාගේ සිනමාවේ පියා මම කියලා මම අදත් සලකන්නේ දරුවන්ට මගේ දරුවෝ වගේ. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා. ජැක්සන් ඇන්තනි කියන අසාමාන්ය චරිතය මේ අපේ කලා ලෝකයේ කිසියම් හිඩැසක් ඉතුරු කළා කියන ගියානං එහි දෙසට අඩුගානේ මං කියන කිසි කෙනෙකුට ඒ හිදැස පුරවන්න කියලා.

 අඩුගානෙ ජැක්සන්ට සමීප වෙන්න හරි පුලුවන් ඒ පුතාලා දෙන්නට මොකද ඔහුගේ ජානවලින් ඉපදුණු ඔහුගේ ගුරුහරුකම් ලබා ලබපු ඔහුගේ අත්දැකීම් ලැබුවේ පුතාලා දෙන්නට තමයි අඩුගානේ ජැක්සන්  හිටපු තැනට සමීප වෙන්නත් පුලුවන් නම් පුලුවන් වෙන්නේ.

ඒ නිසා මං සජිත් පුතාට අකිල පුතාට කියනවා පුතේ තාත්තගේ අඩිපාරේ යන තාත්තාගෙන් රංගනය ඉගෙනගන්න තාත්තගෙන් කලාව ඉගෙනගන්න තාත්තගෙන් සාහිත්‍යය ඉගෙන ගන්න වගේම තාත්තගෙන් මනුස්සකමක් ඉගෙන ගන්න කියලා....