
ලෝක කුසලාන තරගාවලිය යටතේ අද ඉන්දියාවේ දිල්ලිහිදී පැවති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජයට පත්විය.
මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ලබාගත් ලකුණු 428 දැවැන්ත ඉලක්කය හමාගිය ශ්‍රී ලංකා පිල ලකුණු 326 කට දැවී ගියේය.
ඕවර 50 කදී කඩුළු 5 කින් ලකුණු 428 විශාල ලකුණු ගණනකට අප්‍රිකානු පිලට යාමට හැකිවූයේ තිදෙනෙකු ශතක වාර්තා කිරීම නිසාය. ඩී කොක් 100 ක් ඩුසෙන් 108 ක් හා මාර්ක්‍රම් 106 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට බැරි විය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් 76 ක්, චරිත් අසලංක ලකුනු 79 ක් හා දසුන් ශානක ලකුණු 68 ක් ලබාගැනීම විශේෂිතය. පරාජයට පත්වූ නමුත් ඉලක්කය වෙත යාමට ශ්‍රී ලංකාව ප්‍රශංසනීය උත්සාහයක නිරත විය.


Comments
Post a Comment
Your comment will be visible after approval